Home News Breaking ඇමති ගමන් ගත් කාරය ත්‍රී රෝද රථයක ගැටෙයි – දෙදෙනෙක් රෝහලට

ඇමති ගමන් ගත් කාරය ත්‍රී රෝද රථයක ගැටෙයි – දෙදෙනෙක් රෝහලට

289 views
SHARE

එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් ගමන් ගත් කාරය ත්‍රී රෝද රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තුවාල ලැබූ දෙදෙනෙක් මහනුවර මහ රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් 10 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබන බව සඳහන්.

මහනුවර රන්දෙණිගල රජමාවතේ මාළිගාතැන්න ප්‍රදේශයේදි ඊයේ(16) දින සිදුවූ මෙම අනතුරෙන් තුවාල ලබා ඇත්තේ මහනුවර උඩුවෙල පදිංචි ප්‍රදීප් කුමාර(24) හා අයි.ජී. සිරිවර්ධන (55) යන අයයි.

අමාත්‍ය කබීර් හෂීම් ගමන් ගත් කාරය රන්දෙණිගල මාර්ගයේ මාළිගැතැන්න ප්‍රදේශයේදි මාර්ගයේ දකුණට හැරවීම සඳහා නවතා ගෙන සිටි ත්‍රි රෝද රථයක වැදිමෙන් මෙම අනතුර සිදුවී තිබෙනවා.

කාර් රථයේ රියදුරු වන ප්‍රියන්ත හෙටිටිආරච්චි අත්අඩංගුවට ගෙන මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් කෙරුණා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site