Home News International එට්නා ගිනි කන්ද පුපුරයි – සංචාරකයින් හා මාධ්‍යවේදීන් පිරිසක් හසුවෙයි VIDEO

එට්නා ගිනි කන්ද පුපුරයි – සංචාරකයින් හා මාධ්‍යවේදීන් පිරිසක් හසුවෙයි VIDEO

681 views
SHARE

ඉතාලියේ සිසිලි හි එට්නා ගිනි කන්ද නැරඹීමට හා නිරීක්ෂණය සඳහා ගිය සංචාරකයන් පිරිසක් සහ මාධ්‍යවේදීන් පිරිසක් පිළිස්සුම් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

මෙයින් බොහෝදෙනෙකු තුවාල ලබා ඇති අතර, ඇතමෙකුට කැපුම් පහරවල්ද, ඇතැම් අයට පිළිස්සුම් තුවාලද, තවත් අයට සීරීම් තුවාලද පවතින බවයි මෙම අනතුරට මුහුණදුන් බී.බී.සී. මාධ්‍යවේදීන් පවසන්නේ.

ගිනි කන්දේ ලාවා දහරාව එහි යමහල් අළු හා දුමාරය සමග එක්වෙමින් ඇතිවූ පිපිරීමක් සමග ඈතට වීසිවුණු කැබලි හා යමහල් අළු මෙම හානිය සිදුකර ඇති බව සඳහන් වනවා.

මෙයින් පුද්ගලයන් 8 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර, වහාම පැමිණි මුදාගැනීමේ කණ්ඩායම් විසින් ඇතැම් පිරිස් ඉන් ඉවත්කිරීමට කටයුතු කළ බවද වාර්තා වනවා.

සම්පූර්ණයෙන්ම භූමිය කම්පනයට ලක්වූ එම අවස්ථාව දැඩි බියක් ගෙනදුන් අවස්ථාවක් බවත්, බී.බී.සී. කණ්ඩායමටද සුළු තුවාල හැරුණු විට දරුණු තත්ත්වයක් නොමැති බවත් ඔවුන් වැඩිදුරටත් කියා සිටියා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site