Home News Breaking සමයන් ඇතුළු 07ක් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

සමයන් ඇතුළු 07ක් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

1,379 views
SHARE

කළුතරදී බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුට නවාතැන් ලබාදීමේ චෝදනා මත ගාල්ල වලහන්දුව ප්‍රදේශයේ පදිංචි සැකකාරියක අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

මෙම වෙඩි තැබීම සිදුවූ දිනට පසු ඊට සම්බන්ධ අපරාධකරුවෙකු සැකකාරියගේ නිවසේ දින කිහිපයක් සැඟවී සිටීමට අවස්ථාව ලබාදී ඇති බවට විමර්ශනවලදී හෙළිවී තිබෙන බවත් මෙම කාන්තාව එම පුද්ගලයට ඉඳුම් හිටුම් සපයා දී ඔහුව වසන්කළ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊට අමතරව සිද්ධිය සම්බන්ධයෙන් ඔත්තු බැලු බවට සැකකෙරෙන පානදුර පිංවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට ගත බව සදහන්.

මෙම වෙඩි තැබීමේ සිද්ධියට අදාළව නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායම් 5ක් විවිධ අංශ ඔස්සේ පරීක්ෂණ මෙහෙයවමින් තිබෙන බවත් පොලිස්පතිවරයාගේ විශේෂ නියෝගයක් මත එම පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායම් 2 ක් ද යොදවා තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කළේ අපරාධයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් සියලුදෙනා නිශ්චිතව හඳුනා ගැනීමට මේ වනවිට පොලිස් කණ්ඩායම් සමත්ව ඇති බවයි.

එම සියලු පුද්ගලයන් තමන් පදිංචි ප්‍රදේශවලින් ඉවත්වී විවිධ ප්‍රදේශවලට පළාගොස් සැගවී සිටින බවට ද පොලීසිය අනාවරණ කරගෙන තිබෙන බවත් එම සැකකරුවන්ගෙන් කිහිප දෙදෙනෙකු විදේශගතවීමේ සැලසුමක් පිළිබඳ ලැබී ඇති තොරතුරු අනුව කටුනායක සහ මත්තල ගුවන්තොටුපොළවල ආගමන විගමන කටයුතු නිරීක්ෂණයට පොලිස් කණ්ඩායම් 2 ක් ද යොදවා ඇති බවත් සදහන්.

සැකකරුවන් බෝට්ටු මඟින් රටින් පළා යාමට ඇති අවස්ථා වැලැක්වීමට ද විශේෂ වැඩපිළිවෙළක් යොදා ඇති බව සදහන් කරන පොලිසිය මෙම සිද්ධියට සම්බන්ධයෙන් කඩුවෙල මහ නගර සභාවේ හිටපු මන්ත‍්‍රීවරයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බවද වැඩිදුරටත් සදහන් කරනවා.

සැකකරුගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරිමෙන් අනතුරුව මුදා හැර ඇති බව සදහන් වන අතර මෙලෙස අත්අඩංගුවට ගෙන පසුව මුදා හැරුණු නාගරික මන්ත‍්‍රීවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ අයෙකු බවයි වාර්තා වන්නේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site