Home News Breaking ධර්මපාල විද්‍යාලයට ආ නව විදුහල්පති මහ ඇමතිගේ කෙනෙක්ද?

ධර්මපාල විද්‍යාලයට ආ නව විදුහල්පති මහ ඇමතිගේ කෙනෙක්ද?

346 views
SHARE

කොට්ටාව ධර්මපාල විද්‍යාලයට අලුතින් පත් කළ විදුහල්පතිවරයා වැඩ බාර ගැනීමට පැමිණීමත් සමඟ පාසලේ නොසන්සුන්තාවක් ඇතිවී තිබෙනවා.

ඇතිවූ නොසස්සුන්තාව පාලනය කිරීමට පොලිසිය කැඳවීමට සිදුවූ බව ජයවර්ධනපුර කලාප අධ්‍යාපන කාර්යාලයයේ ප්‍රකාශිකාවක C NEWS වෙත සදහන් කළා.

පාසලේ විදුහල්පති පුරප්පාඩුව පිරවීමට පැවැත්වූ සමූඛ පරීක්ෂණයෙන් පළමු වැනියා වූ නිලධාරියා කපා දමා දෙවැනියා වූ නිලධාරියා පත් කළැයි කියමින් කොට්ටාව ධර්මපාල විද්‍යාලයයේ සිසුන් සහ දෙමවුපියන් මෙලෙස විරෝධතා දක්වා තිබෙනවා.

පසුගිය සතිය තුලදීද මෙම විදුහල්පතිවරයා වැඩ බාර ගැනීමට එතියි ලද තොරතුරු අනුව සිසුහු සහ දෙමාපියෝ විරෝධය පළ කළ අතර නව විදුහල්පතිවරයා රාජකාරි ආරම්භ කිරීමෙන් පසු ඔහු පාසලෙන් පිටව ගිය බව සදහන්.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ලංකා ගුරු සංගමය සදහන් කරන්නේ විදුහල්පතිවරයකු තෝරා ගැනීම සඳහා පැවැති සමූඛ පරීක්ෂණය දේශපාලන බලපෑම් මත සිදු වූ බවයි. මේ ගැන පසුගිය 13 වැනිදා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට දැනුම් දුන් බව ද, වැඩ බලන විදුහල්පති ලෙස කටයුතු කළ අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරියා තාවකාලිකව එම විදුහලේ විදුහල්පති ලෙස පත් කිරීමට ආණ්ඩුකාරවරයා එකඟ වූ බව ද ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා. එසේ තිබියදී වෙනත් පුද්ගලයකු විදුහල්පති ලෙස පත් කර ඇතැයි ඔහු චෝදනා කරනවා.

කොට්ටාව ධර්මපාල විද්‍යාලයයේ විදුහල්පති පත් කරද්දී දේශපාලන මැදිහත්වීමක් කළ බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රියගෙන් C NEWS කළ විමසීමක දී ඔහු කියා සිටියේ ඒ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් නව විදුහල්පතිවරයා තමාගේ කිසිවකු නොවන බවත්ය.
ඔහු උපාධි හතරක් ඇති උගතකු බවත්දේ සදහන් කල මහ ඇමතිවරයා ඔහු නීත්‍යනුකූලව වැඩ කරන විදුහල්පතිවරයකු බව ද සඳහන් කලා.

නව විදුහල්පතිට එරෙහි උසිගැන්වීම් පිටුපස දේශපාලන බලවේග මෙන්ම හිටපු විදුහල්පතිවරයකු සහ කැපුණු විදුහල්පතිවරයකුද සිටිය හැකි බව ද මහ ඇමැතිවරයා තරයේ ප්‍රකාශකර සිටියා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site