Home News Sports වසර 16ක් බලා සිට ටෙස්ට් ජය සිය 100 වැනි ටෙස්ට් තරගය සමග...

වසර 16ක් බලා සිට ටෙස්ට් ජය සිය 100 වැනි ටෙස්ට් තරගය සමග සමරයි PHOTOS

555 views
SHARE

ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග ජයග්‍රහණයක් සඳහා වසර 16 ක් බලා සිටි බංග්ලාදේශ ක්‍රීඩකයින් අද සිය 100 වන ටෙස්ට් තරගය ජය ගත්තේ ජයග්‍රහණය සඳහා ලකුණු 191 ක ඉලක්යක් හඹා ගොස් කඩුලු 4ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී සීමාව පසු කර යාමෙන් වීම විශේෂත්වයක් වුනා.

මෙම ජයග්‍රහණයේ තවත් විශේෂත්වයක් වන්නේ ශ්‍රී ලංකීක ක්‍රීඩකයින් දෙපලක් වන චන්දික හතුරුසිංහ සහ තිලාන් සමරවීර බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සහ පිතිකරුවන්ගේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමයි.

පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩයම සියලු දෙනා දැවී ලකුණු 338 ක් රැස් කළ අතර, ඊට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කළ, බංග්ලාදේශ ක්‍රීඩකයින්, සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 467 කි.

තරගය අද 5 වැනි දිනය සඳහා ආරම්භ කරන විට, දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 268 ක් රැස් කර ගෙන සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුණු 319 ක් රැස් කලා.

ජයග්‍රහණය සඳහා ලකුණු 191 ක ඉලක්යක් වෙනුවෙන් පිටියට පිවිසි බංග්ලාදේශයේ පළමු කඩුලු 2 ලකුණු 22 ක් තුළදී බිඳ වැටුණි.

තමීම් ඉක්බාල් ලකුණු 82 ක් රැස් කළ අතර, සෞම්‍ය සාකර් ලකුණු 10 යි.

ශබීර් රහමන් ලකුණු 41 ක් රැස් කළේය.

ඒ අනුව දෙරට අතර පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 1 – 1ක්ලෙස ජය පරාජයෙන් තොරව අවසන් විය.

ශ්‍රී ලංකාවට ගාල්ලේදී පැවති පළමු ටෙස්ට් තරගයේ ජය හිමිවිය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site