Home News Sports ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාව රන් අකුරින් ලියැවී අදට වසර 21යි

ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාව රන් අකුරින් ලියැවී අදට වසර 21යි

228 views
SHARE

ඒ, එදා මෙදා තුර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් ලබාගත් ඉහළම ජයග්‍රහණය වන 96 ලෝක කුසලානය දිනාගනු ලැබුවේ 1996 මාර්තු 17 වීම හේතුවෙනි.

එදා 1996 පෙබරවාරි 14 වන දා ආරම්භ කළ 6 වන ලෝක ක්‍රිකට් කුසලානය එම වසරේ මාර්තු 17 වන දා දක්වා පකිස්ථානය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුනා.

එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස අර්ජුන රණතුංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් එම ජයග්‍රහණයට අදට වසර 21ක් ගත වුවත් එහි වටිනාකම එසේමය.

තරගාවලිය පුරාවටම ඉහළ දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව පරාජය කරමින් අවසන් මහා තරගයට අවතිර්ණවුනා.

එවකට කාගේත් කතාබහට ලක්වූ ඔස්ට්‍රේලියා කණ්ඩායම අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් ලෙස මාර්ක් ටේලර්ගේ නායකත්වයෙන් යුතුව මුහුණ දුන්නා.

පකිස්ථානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදි දිවා/රාත්‍රී තරගයක් ලෙස 1996 මාර්තු 17 වන දින අවසන් මහා තරගය පැවැත්විය.

අවසන් මහා තරගයේදී ලෝකයේ වැඩි දෙනෙකුගේ මෙන්ම ලෝක විස්තර විචාරකයින්ගේ පවා වැඩි අවධානයක් සහ වැඩි ගෞරව බුහුමන් හිමිව තිබුණේ ප්‍රබල ඔස්ට්‍රේලියා කණ්ඩායමට වීම විශේෂත්වයකි.

එම සියලු වාද විවාද මධ්‍යයේ ආරම්භ වූ 96 ලෝක ලෝක කුසලාන අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග සමත් විය.

ඒ, අනුව ඔහු ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ඔස්ට්‍රේලියාවට ආරාධනා කළේය.

තරගයේ විනිසුරුවන් ලෙස බටහිර ඉන්දීය කොදෙව්හී ස්ටීව් බක්නර් සහ එංගලන්තයේ ඩේවිව් ශෙපර්ට් කටයුතු කලා.

බටහිර ඉන්දීය කොදෙව්හී ක්ල්යිඩ් ලොයිඩ් අවසන් තරගයේ තීරකයා විය.

මාර්ක් වෝ සහ මාර්ක් ටේලර් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි අතර ඔවුන් දෙදෙනාගේ පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 36කට සීමා කරමින් මාක් වෝ ලකුණු 12කට දවා ගැනීමට චමින්ද වාස් එදා සමත් විය.

අනතුරුව මාර්ක් ටේලර් සමග එක් වූ රිකී පොන්ටිං දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 101ක අගනා වටිනා සබඳතාවයක් ගොඩනනවමින් සිටියදී අරවින්ද ද සිල්වාගේ ප්‍රබල පන්දු යැවීම හමුවේ සහ සනත් ජයසූරියගේ දක්ෂ උඩ පන්දු රැකීම නිසා මාර්ක් ටේලර් ලකුණු 72කට දැවී ගියා.

පසුව රිකී පොන්ටිං ද ලකුණු 45කට දැවී ගිය අතර රොමේෂ් කළුවිතාරණගේ විශිෂ්ට ස්ටම්ප් කිරීමක් හමුවේ ශේන් වෝන්ට ලබාගත හැකි වූයේ ලකුණු 2ක් පමනක්මවූ අතර ස්ටුවට් ලෝ ලකුණු 22කට සහ ඉයන් හීලි ලකුණු 2කට දැවී ගියා.

මයිකල් බෙවන් නොදැවී ලකුණු 36ක් ලබා ගැනීමට සමත්වුයේ ලකුණු 241කට සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7ක් දවාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැකිවූ නිසාය.

චමින්ද වාස්, මුත්තයියා මුරලිදරන්, කුමාර ධර්මසේන සහ සනත් ජයසූරිය අතරේ එක් කඩුල්ල බැගින් බෙදී යද්දී දක්ෂ පන්දු යැවීමක නිරත වූ උප නායක අරවින්ද ද සිල්වා පන්දුවාර 9කදී ලකුණු 42කට කඩුලු 3ක් දවා ගන්නට සමත් විය.

එදා එක්දින තරග ඉතිහාසය උඩු යටිකුරු කල ප්‍රබල පිතිකරුවන් යුගලය වූ සනත් ජයසූරිය සහ රොමේෂ් කළුවිතාරණ පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට කාගේත් හදවත් මොහොතකටහෝ නිහඩ කරමිනි.

නමුත් ඔවුන් දෙදෙනාට එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු පුවරුවේ සටහන් තැබුවේ ලකුණු 12ක සබඳතාවයක් පමණක්වූ අතර ප්‍රබල ආරම්භක පිතිකරු සනත් ජයසූරිය ලකුණු 9කට අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යමකට හසුවුණා.

කළුවිතාරණට එදින ලබාගත හැකි වූයේ ලකුණු 6ක් පමණි. ඒ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 23ක් ලෙස සටහන් වනවිට දෙවන කඩුල්ල ලෙස රොමේෂ් කළුවිතාරණ උඩ පන්දුවක් ලබාදීමෙන් දැවී ගියේය.

අනතුරුව අසංක ගුරුසිංහ සහ අරවින්ද ද සිල්වා එක්ව ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ බලාපොරොත්තුව ඉහළ නංවමින් 3 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 125ක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය. එහිදී 4 පහරේ 6ක් සහ එක් හයේ පහරක් එල්ල කරමින් අසංක ගුරුසිංහ පන්දු 99කදී ලකුණු 65ක් ලබා ගත්තේය.

පසුව උප නායක අරවින්ද සමග එක්වූ නායක අර්ජුන රණතුංග ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කයක් කරා රැගෙන ගියේය.

ඔවුන් දෙදෙනා එක්ව සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 97ක නොබිඳුණු සබඳතාවයක් ගොඩනංවමින් 1996 ලෝක ක්‍රිකට් කිරුළ ශ්‍රී ලංකාවට දිනා දුන්නේය.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් ඊට හතරේ පහර 13ක් සමග අරවින්ද පන්දු 124කදී නොදැවී ලකුණු 107ක් ලබා ගත්තේය.

හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් එල්ල කරමින් නායකත්ව ඉනිමක් ක්‍රීඩාකළ අර්ජුන පන්දු 37කදී නොදැවී ලකුණු 47ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේදී පෝල් රයිෆල් සහ ඩෙමියන් ෆෙලේමින් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේ අවසානයේදී පන්දුවාර 46යි පන්දු 2ක් අවසානයේදී කඩුලු 3ක් පමණක් දැවී තිබියදී අවසන් මහා තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම 96 ලෝක කුසලානය තමන් සතු කර ගනිමිනි.

අවසන් තරගයේ වීරයා සම්මානය අරවින්ද ද සිල්වා ට හිමි වූ අතර තරගාවලියේ වීරයා සම්මානය සනත් ජයසූරිය විසින් දිනාගනු ලැබිය.

1996 ලෝක කුසලානයට සහභාගි වූ 14 දෙනෙකුගෙන් ශ්‍රී ලංකා සංචිතයේ

01 – අර්ජුන රණතුංග (නායක)
02 – අරවින්ද ද සිල්වා (උපනායක)
03 – රොෂාන් මහානාම
04 – උපුල් චන්දන
05 – කුමාර ධර්මසේන
06 – අසංක ගුරුසිංහ
07 – සනත් ජයසූරිය
08 – රොමේෂ් කළුවිතාරණ
09 – මාවන් අතපත්තු
10 – මුත්තයියා මුරලිදරන්
11 – රවින්ද්‍ර පුෂ්පකුමාර
12 – හෂාන් තිලකරත්න
13 – චමින්ද වාස්
14 – ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ

එම ජයග්‍රාහී VIDEOව පහතින්

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site