Home News Breaking පොලීසිය නිසා වැරදුනු රන් කොල්ලය

පොලීසිය නිසා වැරදුනු රන් කොල්ලය

338 views
SHARE

ආයුර්වේද වෛද්‍යයවරියක් පැළද සිටි රන් දම්වැලක් කොල්ලකා පළා ගිය යතුරු පැදිකරුවන් දෙදෙනෙකුට හලාවත පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින් වෙඩි තබා තිබේනවා .

අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

අද (20) වැනිදා පෙරවරු 8.30 ට පමණ ආරච්චිකට්ටුව ප්‍රදේශයේදී මෙම සිද්ධිය සිදුවී ඇත.

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව ආසන්නයේදී මහ මග ගමන් කරමින් සිටි ආයුර්වේද වෛද්‍යයවරියක් පැළද සිටි රන් දම්වැලක් කඩා ගෙන ඇති යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු පළා ගොස් තිබේනවා .

ඔවුන් පළා ගොස් ඇත්තේ පුත්තලම දෙසටයි .

එම අවස්ථාවේ ආරච්චිකට්ටුව ප්‍රදේශයේ රථ වාහන රාජකාරියේ නිරතව සිටි හලාවත පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු පළා යමින් සිටි කොල්ලකරුවන් දෙදෙනාට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

යතුරු පැදියේ පළා යමින් සිටි එක් කොල්ලකරුවෙකුට වෙඩි වැදී ඇති නමුත් ඔවුන් නොනවත්වා පළා ගොස් ඇති බව වාර්තා වෙයි.

පළා යමින් තිබූ යතුරු පැදිය මුන්දලම පොලිස් වසමේ කීරියන්කල්ලිය ප්‍රදේශයේදී තරුණියකගේ ඇගේ ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් පෙරළී ගොස් ඇති බවත් සඳහන්ය.

පෙරළී ගිය යතුරු පැදිය අතහැර දමා ඇති කොල්ලකරුවන් දෙදෙනා මුන්දලම කළපුවට පැන පළා යාමට උත්සාහ කර ඇත.

නමුත් ඔවුන් දෙදෙනා පසුපස එලවාගෙන පැමිණී පොලිස් නිලධාරීන් විසින් කොල්ලකරුවන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

වෙඩි වැදීමෙන් එක් කොල්ලකරුවෙකුට තුවාල සිදුවී ඇති අතර යතුරු පැදිය පෙරළී යාම නිසා අනෙක් කොල්ලකරුටද තුවාල සිදුවී ඇති බව පොලීසිය කියයි.

අනතුරින් තුවාල ලබා ඇති තරුණිය සහ කොල්ලකරුවන් දෙදෛනාව මුන්දලම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව හලාවත මහා රෝහලට මාරු කරයවා තිබේනවා .

අසාධ්‍යය තත්ත්වයෙන් පසුවන තරුණිය වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති අතර,කොල්ලකරුවන් දෙදෙනා හලාවත මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටීයි .

හලාවත මූලස්ථාන පොලිස් පරීක්ෂක වසන්ත හේරත් ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site