Home News Breaking රේගු ලොක්කාගෙන් නීති විරෝධී කන්ටේනරයක්‌ මුදාහරින්න යැයි බලපෑම්

රේගු ලොක්කාගෙන් නීති විරෝධී කන්ටේනරයක්‌ මුදාහරින්න යැයි බලපෑම්

245 views
SHARE

නීති විරෝධී අන්දමින් ආනයනය කරන ලද රුපියල් කෝටි 3ක් පමණ අධික වටිනාකමින් යුත් සිගරැට්‌ සහ විදේශ මත්පැන් තොගයක්‌ සහිත කන්ටේනරයක්‌ මුදාහරින ලෙස කියමින් රේගු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙක්‌ විශේෂ රේගු ආදායම් අධීක්‍ෂණ අංශයේ නිලධාරීන්ට දිගින් දිගටම බලපෑම් එල්ල කිරීම නිසා ඔවුන් දැඩි අසීරුතාවට පත්ව සිටීයි .

මෙම ජ්‍යෙෂ්ඨතම නිලධාරියාගේ පුත්‍රයකුට අයත් භාණ්‌ඩ ගෙන්වන ආයතනයක්‌ හරහා මෙම නීති විරෝධී මත්පැන් සහ සිගරැට්‌ සහිත කන්ටේනරය ආනයනය කර ඇති බව රේගු ආරංචි මාර්ග පවසයි.

ඔරුගොඩවත්තේ පිහිටි රේගු අංගනය වෙත මෙම කන්ටේනරය ගෙනවිත් ඇත්තේ ඉකුත් 17 වැනි සිකුරාදාය ගෘහ උපකරණ තොගයක්‌ ලෙස රේගුව නොමග යවා මෙම නීති විරෝධී දැ සහිත කන්ටේනරය රැගෙන යැමට එහි හිමිකරුවන් උත්සහ කර ඇත. එහෙත් මෙම කන්ටේනරය පිළිබඳ සැක පහළ කළ රේගු නිලධාරීන් දැඩි පරීක්‍ෂාවට ලක්‌ කිරීමේදී එහි තිබූ සිගරැට්‌ සහ මත්පැන් තොගය හමුවී ඇත.

රේගුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙක්‌ විසින් මෙම කන්ටේනරය මුදාහැරීමට දිගින් දිගටම බලපෑම් කරන්නට පටන්ගෙන ඇත්තේ ඉන් පසුවය. කෙසේ වෙතත් එම නිලධාරියාගේ බලපෑමට යටත් නොවූ රේගු නිලධාරීන් අදාළ කන්ටේනරය අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව රේගු ආරංචි මාර්ග පැවසීය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site