Home C Gossip තරංග – චන්දිමාල් – ළහිරු ගැන නොදත් සභාපතිවරයා හෙළි කරයි

තරංග – චන්දිමාල් – ළහිරු ගැන නොදත් සභාපතිවරයා හෙළි කරයි

698 views
SHARE

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරණ උපුල් තරංගට සිය ක්‍රිඩා දිවියේ වසර දෙකක පමණ කාලයක් අපතේ ගිය බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටු සභාපති සනත් ජයසූරිය සඳහන් කරනවා.

කෙසේ වෙතත් මේ වන විට තරංග හොඳින් ක්‍රීඩා කරන බවත් කණ්ඩායමේ ක්‍රීඩකයන් සමග සහයෝගයෙන් කටයුතු කරන බවත් සනත් පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකා කණ්ඩායම සමග දකුණු අප්‍රිකාවේ රැඳී සිටින සනත් එහි සිටින ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍යවේදින් හා සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.

එසේම ඉදිරි කාලසීමාවේදී තරංගගෙන් තවත් දක්ෂතා දැකගත හැකි වනු ඇති බව ඔහු විශ්වාස කරන බවත් කියා සිටියා.

එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ආරම්භ පිතිකරණ යුගලයක් පවත්වා ඇති වැඩිම ලකුණු සබඳතාව පවත්වා ඇත්තේ සනත් හා තරංගයි. මෙහිදී දිනේෂ් චන්දිමාල් හා ළහිරු තිරිමාන්න පිළිබඳවද තේරීම් කමිටු සභාපතිවරයා අදහස් පළ කළා.

“අපි මේ දෙදෙනා වෙනුවෙන් විශාල බලාපොරොත්තු තබාගෙන සිටියා. නමුත් දැන් ඔවුන් ගැටලුවකට පත්වෙලා තිබෙනවා. ඔවුන්ට ස්ථාවර වෙන්න ඇති තරම් තරග ලබාදුන්නා” යැයි සනත් එහිදී කියා සිටියා.