Home News Breaking ජනාධිපති තුන්දින නිල සංචාරයක් සඳහා රුසියාවට යයි

ජනාධිපති තුන්දින නිල සංචාරයක් සඳහා රුසියාවට යයි

196 views
SHARE

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තුන්දින නිල සංචාරයක් සඳහා රුසියාව බලා පිටත්ව ගොස් තිබේනවා .

ඒ, රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින්ගේ ආරාධනයකට අනුව යි .

1974 වර්ෂයේදී අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය මොස්කව් නගරයෙහි කළ නිල සංචාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෙකු රුසියාවේ නිල සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වේ.

ශ්‍රී ලංකා – රුසියා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්ට 60 වසරක් සපිරීම නිමිත්තෙන් වන සංවත්සර සැමරුම ද මීට සමගාමීව පැවැත්වේ.

මෙම සංචාරය අතරතුර හෙට (23) ජනාධිපති සිරිසේන මැතිතුමා රුසියානු ජනපති ව්ලැදිමීර පුටින් හමුවනු ඇති.

දෙරට අතර වෙළෙඳ හා ආයෝජන කටයුතු ප්‍රවර්ධනය කිරීමේ කටයුතු ඉදිරියට ගෙනයාම ඇතුළුව දීර්ඝ කාලීන ද්විපාර්ශවික සම්බන්ධතාවල ප්‍රගතිය මෙම නිල සාකච්ඡා අතරවාරයේදී සමාලෝචනය කිරීමට අපේක්ෂිත යි .

ධීවර කටයුතු, සංචාරණය, සංස්කෘතික විද්‍යා හා තාක්ෂණික අංශ ඇතුළු අධ්‍යාපනික සහයෝගීතාව යන ක්ෂේත්‍රවලට අදාළ ද්විපාර්ශවික ගිවිසුම් කිහිපයකට ද මෙහිදී අත්සන් තැබීමට නියමිත ය.

ශ්‍රී ලංකා – රුසියා ව්‍යාපාරික සංසදය ද මොස්කව්හිදී පැවැත්වේ.

ශ්‍රී ලංකා – රුසියා ව්‍යාපාරික කවුන්සිලයේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට සහභාගී වෙති.

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සහ කැබිනට් ඇමතිවරුන් 5 දෙනෙකු ජනාධිපතිවරයා සමග මෙම සංචාරයට සහභාගී වීය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site