Home News Breaking බන්ධනාගාර බස් රථයට ප්‍රහාර එල්ල කළ ප්‍රධාන සැකකරු මාට්ටු වූ හැටි

බන්ධනාගාර බස් රථයට ප්‍රහාර එල්ල කළ ප්‍රධාන සැකකරු මාට්ටු වූ හැටි

695 views
SHARE

කළුතර, එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථ 2කට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේනවා .

ඒ, සෙල්ල කතරගම ප්‍රදේශයේ සැඟවී සිටියදී යි .

පොලීසිය සඳහන් කළේ, එම සැකකරු මත්ද්‍රව්‍ය ජවාරමට සම්බන්‍‍ධ පුද්ගලයෙකු බව යි.

ඔහුගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මේ වන විට දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටියි.

පොලීසිය පැවසුවේ, පොලිස්පතිවරයාගේ උපදෙස් මත පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායමක් සැකකරු මහත් පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගත් බව යි .

මේ වන විට කළුතර ප්‍රහාරයට සම්බන්ධ සියලු තොරතුරු පොලිස් විමර්ශකයින් සොයාගෙන ඇති අතර අපරාධයට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක යි .

මේ අතර එම ප්‍රහාරයට ඔත්තු බැලූ පුද්ගලයෙකු සහ එහි සැකකරුවෙකුට ආරක්ෂාව සැපයූ කාන්තාවක් ද අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔවුන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරයේ පසුවේ.

පසුගිය මස 27 වන දින එල්ල වූ එම ප්‍රහාරයෙන් පාතාල කල්ලි නායක සමයං ඇතුළු රැඳෙවියන් 5 දෙනෙකු මිය ගිය අතර බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක්ගේ ද දිවි අහිමි විය.

පොලීසිය පැවසුවේ, අපරාධයට සම්බන්ධ සියලු පුද්ගලයින් ඉතා කෙටි කලකින් නීතියේ රැහැනට හසු කර ගන්නා බව යි .

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site