Home News Breaking හිස්වූ ICC පුටුව ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය කථානායකටද ?

හිස්වූ ICC පුටුව ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය කථානායකටද ?

336 views
SHARE

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී.) සභාපති ධුරයට පත්වීමට බොහෝදුරට ඉඩ ඇතැයි අනාවරණය වනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජික රටවල සහභාගිත්වයෙන් මීළඟට පැවැත්වෙන සැසිවාරයේදී තිලංග සුමතිපාලට එම තනතුර ලබාදීමට නියමිත බවද වාර්තා වනවා.

මීට දින කිහිපයකට ඉහතදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයෙන් ඉන්දියාවේ ශෂාන්ක් මනෝහර් ඉල්ලා අස්වීමත් සමග එම තනතුර පුරප්පාඩු වුණා.

කෙසේ වෙතත් යම් හෙයකින් තිලංග සුමතිපාල අයි.සී.සී. සභාපති ධුරයට පත්වුවහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරයෙන් ඉවත්විය යුතු අතර, මේ වනවිටත් එම තනතුර ලබාගැනීම සඳහා පාර්ශ්ව කිහිපයක් අතර සීතල යුද්ධයක් නිර්මාණය වී තිබෙන බවද වාර්තා වනවා.

වාර්තා වන පරිදි ක්‍රිකට් ආයතනයේ ඉහළම නිලධාරීන් තිදෙනෙකු සභාපති ධුරයට ලබාගැනීමේ උත්සහයක නිරතවන බව සඳහන්.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

Save