Home News International ශෂිකලාගේ දිවුරුම්දීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ශෂිකලාගේ දිවුරුම්දීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

227 views
SHARE

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පාලක  A I A D M K පක්ෂය මහඇමති ධුරයට තෝරාගෙන ඇති ශෂිකලා නටරාජන්ට අද දිනයේදී එම ධූරයේ දිවුරුම් දීමට නොහැකි වනු ඇති බව වාර්තා වනවා.

ජයලලිතාගේ අභාවයෙන් හිස් වූ තමිල්නාඩු ප්‍රාන්ත මහඇමති ධුරය මුළින්ම හිමි වූයේ  ඕ. පන්නීර් සෙල්වම්ටයි.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ බලපෑම මත ඔහු ශෂිකලාට මහඇමති ධුරය ලබා ගැනීමට ඉඩ සලසමින් පසුගියදා ඉල්ලා අස්වුණා.

ඒ අනුව ඇය මදුරාසි විශ්වවිද්‍යාලයේ සියවස් ශාලාවේදී අද උදෑසන 8.30ට දිවුරුම් දෙන බව ප්‍රකාශ කළා.

නමුත් තමිල්නාඩු ආණ්ඩුකාර විද්‍යාසාගර් රා ඕ දැනුම් දී තිබෙන්නේ දිවුරුම් දීමට චෙන්නායි නුවරට පැමිණිය නොහැකි බවයි.

කෙසේ වෙතත් පාලක භාරතීය ජනතා පක්ෂය ද තමිල්නාඩුවේ සිදුවන දේශපාලන විපර්යාසය පිළිබදව කැමැත්තක් නොදක්වන බව සඳහන්.

එමෙන්ම ශෂිකලා සහ ජයලලිතා ජයරාම්ට එරෙහි දූෂණ නඩුවේ තීන්දුව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබන සතියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

එතෙක් ශෂිකලාගේ දිවුරුම්දීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සමක් ද ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.