Home News Sports ක්‍රිකට් ආයතනයේ ලොකු පුටුවක වෙනසක්

ක්‍රිකට් ආයතනයේ ලොකු පුටුවක වෙනසක්

236 views
SHARE

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අලෙවි හා සන්නිවේදන අංශයේ ප්‍රධානී තනතුර සඳහා සිංහල ක්‍රීඩා සමාජයේ (SSC) සමන්ත දොඩන්වල පත්කර ඇතැයි අනාවරණය වනවා.

ඔහු ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයෙකු ද වන අතර, ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයෙන් පසුව මෙම පත්වීම සිදුකර අතැයි සඳහන්.

මීට පෙර ක්‍රිකට් ආයතනයේ අලෙවි හා සන්නිවේදන අංශය භාරව කටයුතු කළ ප්‍රධානියා වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් උපලේකම් රවීන් වික්‍රමරත්නයි.

මෙහිදී රවීන් වික්‍රමරත්න අලෙවි හා සන්නිවේදන අංශයේ ප්‍රධානී තනතුරෙන් ඉවත්කර නොමැති අතර, ඔහු වෙනුවට වැඩ බැලීම සඳහා සමන්ත දොඩන්වල පත්කර ඇතැයිද සඳහන් වනවා.

තමන්ට අවශ්‍ය ක්‍රිකට් හා මාධ්‍ය අතර සහයෝගීතාව පවත්වාගෙන යාමට බවත්, ඒ වෙනුවෙන් ඉදිරියේදී වැඩකරන බවත් නව තනතුර පිළිබඳව අදහස් දක්වමින් සමන්ත දොඩන්වල සඳහන් කර සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

Save