Home News Business පාරිභෝගිකයන්ට ජීවිත කාලයටම නොමිලේ ඇමතුම් සමගින් පූජා උමාශංකර් Airtel ගනී

පාරිභෝගිකයන්ට ජීවිත කාලයටම නොමිලේ ඇමතුම් සමගින් පූජා උමාශංකර් Airtel ගනී

415 views
SHARE

2009 ජනවාරි 17වනදා ශ්‍රී ලංකාව තුල සිය ව්‍යාපාර මෙහෙයුම් ආරම්භ කල භාරති එයාටෙල් ලංකා සමාගම මෙරට තුල පාරිභෝගිකයන් මිලියනයේ සීමාවට වඩාත් ඉක්මනින් ළගාවූ දුරකථන සේවා සමගම බවට පත්විය.
එසේ ආරම්භවී වසර තුනක කාලයක් තුල මෙරට වේගයෙන් වේගයෙන් ව්‍යාප්ත වෙමින් දුරකථන සේවා, අන්තර්ජාල සේවා සහ ආයතනික විසදුම් යන සේවා ලබාදෙන්නේ යෝජනා මණ්ඩලයේ ලියාපදිංචි සමාගමක් ලෙසිනි.

තොරතුරු ආරක්ෂාව සහ ව්‍යාපාරික අඛන්ඩතාව පවත්වාගැනීම සදහා දරන නිරන්තර උත්සාහය නිසාවෙන්ම Airtel සමාගම ISO 27001:2005 සහ ISO 22301තත්ව සහතිකයන්ගෙන් පිදුම් ලැබූ සමාගමක්ද වනවා.

සිය 08වන සංවත්සරය සමරන Airtel සමාගම බිලියන 64කට අධික ආයෝජනයන් සමගින් දිවයින තුල ශක්තිමත්ම දුරකථන සේවා ජාලය බවට පත්වූ අතර පසුගියදා විදුලි සංදේශ නියාමන කොමිසම් සභාව Airtel වේගවත්ම 3G ජාලය ලෙසද නම්කරනු ලැබුවා.

40% ක වැඩිපුර අන්තර්ජාල වේගයක් හිමි Airtel සමාගම සිය සංවත්සරය වෙනුවෙන් සිය ප්‍රථම පාරිභෝගිකයන් වෙත ජීවිත කාලය පුරාවට ජාලය තුල ඇමතුම් නොමිලේ ලබා දීමට කතයුතු කල අතර තරුණ පරපුර සවිබලගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙන යමින් ඒ සම්බන්ධයෙන් නව වැඩසටහන් කරගෙන යාම සදහා 2017 වර්ෂය සදහා තරුණ හදවත් තුල ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන පුජා උමාශංකර් සිය සංනාම තානාපතිනිය ලෙස තෝරා පත්කර ගැනීමද සිදුකරනු ලැබුවා.