Home News Breaking රුසියානු පුටින් ඉහලින් පිළිගත් ලාංකීය මෛත්‍රී VIDEO

රුසියානු පුටින් ඉහලින් පිළිගත් ලාංකීය මෛත්‍රී VIDEO

206 views
SHARE

රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින්ගේ විශේෂ නිල ආරාධනයක් පරිදි රුසියාවේ තෙදින නිල සංචාරය ආරම්භ කළ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පස්වරුවේ මොස්කව් නගරයේ ඩොමොඩෙඩුවා ( Domodedovo) ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා විය.

රුසියානු රජය වෙනුවෙන් එරට විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය Igor Morgulov ඇතුථ ඉහළ පෙළේ නිලධාරින් පිරිසක් විසින් ජනාධිපතිතුමා, සිරිසේන මැතිණිය ඇතුථ ශ්‍රී ලාංකික දූත පිරිස ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති සමන් වීරසිංහ ඇතුථ තානාපති කාර්යාලයේ නිලධාරින් ද එම අවස්ථාවට එක්ව සිටි අතර අමාත්‍යවරුන්වන මංගල සමරවීර, එස්.බී. නාවින්න, මහින්ද සමරසිංහ, සුසිල් ප්‍රේමජයන්ත, ජෝන් අමරතුංග, දයාසිරි ජයසේකර ද ජනාධිපතිතුමා සමග මෙම සංචාරයට එක්ව සිටිනවා.

රුසියාවේ මොස්කව් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට ජනාධිපතිතුමා සහ ධූත පිරිස නවාතැන් ගන්නා හෝටලය දක්වා රැගෙන යාමට රුසියානු රජය විසින් විශේෂ පරිවාර රථ බලකායක් යොදවා තිබෙන අතර විශේෂ ආරක්ෂාවක්ද සපයා තිබෙනු දක්නට ලැබුන අතර ඒ රුසියාව විසින් එරටට පැමිණෙන රාජ්‍ය නායකයෙකුට සපයන ඉහළම ආරක්ෂාව සහ පිළිගැනීම ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලබාදී තිබුනා.

එම වීඩියෝව පහතින්

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site