Home News International චීනයේ ප්‍රාථමික පාසලක වැසිකිලියේ බිත්තියක් කඩා වැටෙයි – දෙදෙනෙක් ජීවිතක්ෂයට

චීනයේ ප්‍රාථමික පාසලක වැසිකිලියේ බිත්තියක් කඩා වැටෙයි – දෙදෙනෙක් ජීවිතක්ෂයට

202 views
SHARE

චීනයේ ප්‍රාථමික පාසලක හටගත් නොසන්සුන්කාරී තත්වයක් හේතුවෙන් සිසුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

චීනයේ හේනාන් පළාතේ පීයාන් ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලක සිදුවූ මෙම සිද්ධියෙන් තවත් සිසුන් විසිදෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

උදෑසන විවේක කාලයේදී පාසලේ වැසිකිලිය සිසුන්ගෙන් පිරීයාම නිසා හටගත් තෙරපීමක් සමග මෙම නොසන්සුන්කාරී තත්වය උද්ගත වූ බව එරට ෂින්හුවා පුවත් ඒජන්සිය සඳහන් කළා.

තෙරපීමෙන් ඇති වූ පීඩනය හේතුවෙන් වැසිකිලියේ බිත්තියක් කඩා වැටී අනතුර සිදු වූ බව එරට පුවත්පතක් වාර්තා කර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව පීයාන් ප්‍රාන්ත රජය ප්‍රකාශ කළා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site