Home News Breaking බුද්ධික පතිරණ වාර්තාවක් පිහිටුවයි

බුද්ධික පතිරණ වාර්තාවක් පිහිටුවයි

266 views
SHARE

පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් කාරක සභාවට වැඩිම පෙත්සම් සංඛ්‍යාවක් එකම දිනකදී ඉදිරිපත් කළ මෙරට ඉතිහාසයේ පළමු මන්ත්‍රීවරයා බවට එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ පත්වී තිබෙනවා.

ඒ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා විසින් ඊයේ (22) දිනයේදී මහජන පෙත්සම් 33ක් මහජන පෙත්සම් කාරක සභාවට ඉදිරිපත් කිරීමත් සමගයි.

මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ “මේකත් එක්ක ගිනස් වාර්තා ‍පොතට එක් වේවිද දන්නේ නෑ.” යනුවෙනි.

“එය වෙන්නත් පුළුවන්” ඊට පිළිතුර දෙමින් කතානායක කරු ජයසූරිය පවසා සිටියා.

පාර්ලිමේන්තුවට මීට පෙර එක් දිනකදී වැඩිම මහජන පෙත්සම් සංඛ්‍යාවක් ඉදිරිපත් කර තිබුණේ වාසුදේව නානායක්කාරයි. ඒ මහජන පෙත්සම් 21ක් ඉදිරිපත් කරමින්.

ඉන්පසුව ගාමිණි ලොකුගේද දිනකදී මහජන පෙත්සම් 18 ක් ඉදිරිපත් කර තිබෙනවා.

මහජනතාවට සිදුවන අසාධාරණකම්, දුක් ගැනවිලි ඇතුළු ජනතාව මුහුණ දෙන ගැටලු මන්ත්‍රීවරයකු මාර්ගයෙන් පාර්ලිමේන්තු මහජන පෙත්සම් කාරක සභාව වෙත ඉදිරිපත් කළ හැකි අතර ඒ සඳහා මහජන පෙත්සම් කාරක සභාව විසින් විභාග කොට ජනතාවට විසඳුම් ලබා දීම සිදු කරනවා.

රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහජන පෙත්සම් කාරක සභාවේ වත්මන් සභාපතිවරයා වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site