Home News Breaking “නාදුනන සොල්දාදුවාගේ ස්මාරකයට” ජනපතිගෙන් පුෂ්පෝපහාර – PHOTOS

“නාදුනන සොල්දාදුවාගේ ස්මාරකයට” ජනපතිගෙන් පුෂ්පෝපහාර – PHOTOS

236 views
SHARE

දශක හතරකට පසුව සිදුවන ශ්‍රී ලංකා ජනාධිපතිවරයකුගේ පළමු රුසියා නිල සංචාරය අරඹමින් රුසියාවේ මොස්කව් නගරයට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (23) පෙරවරුවේ රුසියාවේ ප්‍රකට ස්මාරකයක් වන “නාදුනන සොල්දාදුවාගේ ස්මාරකය” වෙත පුෂ්පෝපහාර දක්වනු ලැබුවා.

මොස්කව් නගරයේ රතු චතුරශ්‍රයේ, ඇලෙක්සැන්ඩර් උද්‍යානයේ ගොඩනගා ඇති මෙම ස්මාරකය දෙවන ලෝක යුද්ධයේදී මිය ගිය සෝවියට් සොල්දාදුවන් සිහිවීම පිණිස ඉදිකර තිබෙනවා.

රතු චතුරශ්‍රය වෙත පැමිණි ජනාධිපතිතුමා මොස්කව් නගරයේ හමුදා අණදෙන නිලධාරී විසින් ඉතා ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබූ අතර විශේෂ හමුදා උත්තමාචාරයක් ද ජනාධිපතිතුමා වෙනුවෙන් පිරිනැමුණා.

ස්මාරකය අභියස මල් කළඹක් තැන්පත් කරමින් ජනාධිපතිතුමා ඊට පුෂ්පෝපහාර දැක්වුවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site