Home News Politics ඉදිරියේදී ජනපති ගනු ලබන තීරණ වලින් සමහර අයගේ හිත් රිදෙයි

ඉදිරියේදී ජනපති ගනු ලබන තීරණ වලින් සමහර අයගේ හිත් රිදෙයි

292 views
SHARE

ඉදිරි සති කීපය තුළදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දේශපාලන හා ආර්ථික වශයෙන් වැදගත් තීන්දු තීරණ කීපයක් ගැනීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේගුණවර්ධන සඳහන් කරනවා.

මෙම තීන්දු තීරණයන් හේතුවෙන් යම් යම් අයට හිත් රිදවීම් ඇති විය හැකි බවද අමාත්‍යවරයා අද (23) මුදල් අමාත්‍යංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කියා සිටියා.

ජනාධිපතිවරයා ගනුලබන මෙම තීන්දුව රටේ ආර්ථිකය නිවැරදි දිසාවට ගැනීමේ තීන්දුවක් විය හැකි බවයි ඔහු මෙහිදී පෙන්වා දුන්නේ.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණ ජනාධිපතිවරයාගේ මැදිහත් වීම මත මේ වන විට හොඳින් සංවිධානය වී තිබෙන බවත් එම පෙරමුණේ සම්මේලනය ලබන 02දා පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී අවදාරණය කළා.

තවද තරුණ පෙරමුණ වෙනුවෙන් අධ්‍යයන ඒකකයක් පිහිටුවා පිරිසිදු දේශපාලනය තරුණ පරපුර අතර ප්‍රචලිත කිරීමට කටයුතු කරමින් රට තුල පිරිසිදු දේශපාලනය ඇති කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ බලා‍පොරොත්තුව බවද අමාත්‍ය ලක්ෂ්මන් යාපා මෙහිදී වැඩි දුරටත් කියා සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site