Home News Breaking නර්ස් නෝනලා අවුරුද්දෙන් පස්සේ දිගටම නිවාඩු

නර්ස් නෝනලා අවුරුද්දෙන් පස්සේ දිගටම නිවාඩු

304 views
SHARE

තම වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු සෞඛ්‍ය බලධාරීන් නිසි විසඳුම් ලබා නොදුනහොත් ලබන අප්‍රේල් 13, 14 යන සිංහල අවුරුදු නිවාඩුවෙන් පසුව යළි රෝහල් සේවයට වාර්තා නොකිරීමට තම සංගමයේ සියළු හෙද හෙදියන් කටයුතු කරනු ඇතැයි සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති ගාමිණී කුමාරසිංහ සඳහන් කරනවා.

ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් පළ කරන සභාපතිවරයා කියා සිටියේ සිය වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් සුභවාදී ප්‍රතිචාරයක් ලබා දීම නිසා තම වෘත්තීය ක්‍රියා මාර්ග තාවකාලිකව අත්හිටුවීමට සංගමය ක්‍රියා කළ බවයි.

ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා මෙම අදහස් පළ කළ අතර සංගමයේ ලේකම් එස්.බී.මැදවත්තද මීට සහභාගී වී සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site