Home News Breaking සයිටම් ප‍්‍රධානියාට වෙඩි තැබීම කුමන්ත‍්‍රණයක්

සයිටම් ප‍්‍රධානියාට වෙඩි තැබීම කුමන්ත‍්‍රණයක්

243 views
SHARE

මාලඹේ  පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප‍්‍රධානියාට වෙඩි තැබීමේ සිද්ධිය සයිටම් සටන දියාරු කිරීමේ කුමන්ත‍්‍රණයක් යැයි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වෛද්‍ය ජයන්ත බණ්ඩාර ප‍්‍රකාශ කළා.

සයිටම් සටනේ ජයග‍්‍රහණය පෙනෙමින් තිබෙන මොහොතත විවිධ කඩාකප්පල්කාරි කී‍්‍රයා සිදු වෙන බව කී ඔහු සයිටම් ප‍්‍රධානියාගේ රථයට වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිදු කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බවද සඳහන් කළා.

එකී සිද්ධිය ගැන විවිධ තොරතුරු සැල වෙමින් පවතින බවත් ඒවා ඉදිරියේ දී හෙළි කරන බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියා.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය මඟින් ඊයේ  (07) පැවැත්වූ මාධ්‍ය හමුවක දී වෛද්‍ය බණ්ඩාර මේ බව කියා සිටියා.