Home News Breaking හිටපු පොලිස්පති යලිත් පොලිස් සේවයට

හිටපු පොලිස්පති යලිත් පොලිස් සේවයට

248 views
SHARE

ස්ථාපිත කිරීමට යෝජිත පොලිස‍් හා අපරාධ යුක්තිය පිළිබඳ විශ්වවිද්‍යාලය හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන බව නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක කියා සිටියා.

දෙහිවල, අත්තිඩිය ප්‍රදේශයේ මෙම පොලිස් විශ්වවිද්‍යාලය ඉදිකිරීමට සැලසුම් කර තිබෙන බවත්, මෙම විශ්වවිද්‍යාලය ඉදිකිරීමට අදාළ නීතිමය අනුමැතිය ලබාගැනීමට ඉදිරි දිනවල කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළා.

මෙම විශ්වවිද්‍යාලය විදේශීය විශ්වවිද්‍යාල කිහිපයක් සමග අනුබද්ධව පවත්වාගෙන යෑමටත් සැලසුම් කර තිබෙන බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.