Home C Gossip සමයං මරා අංගොඩ ලොක්කයි අතුරුගිරියේ ලඩියයි රටින් පැන්නද

සමයං මරා අංගොඩ ලොක්කයි අතුරුගිරියේ ලඩියයි රටින් පැන්නද

607 views
SHARE

පසුගියදා කළුතර, එතනමඩ‍ලේදී බන්ධනාගාර බස් රථ දෙකකට වෙඩි තබා පාතාල නායක සමයං ඇතුළු පාතාලයේ පස්දෙනකු හා බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා ඝාතනය කළ සිද්ධියට සම්බන්ධබව කියන අංගොඩ ලොක්කා ඇතුළු පිරිස සූක්ෂම ලෙසින් රටින් පැනගොස් ඇති බවට පුවත්පත් වාර්තාවල දැක්වෙනවා.

ඒ අනුව පාතාල නායකයන් දෙදෙනා වන අංගොඩ ලොක්කා හා අතුරුගිරියේ ලඩියා ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුහුදු යාත්‍රාවල සහාය ඇතිව රටින් පැන ගොස් ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා.

මීට මසකට පමණ ඉහතදී ඉන්දියාවේදී මරණයට පත්වූ හිටපු ප්‍රබල පාතාල සාමාජිකයෙක් වූ තෙල්බාලා විසින් අනසක පතුරුවාගෙන සිටි ප්‍රදේශයකදී ඔවුන්ට ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සහය ලැබී මෙලෙස රටින් පැනගොස් ඇතිබවත් දැනගන්නට ලැබෙනවා.

මෙම ප්‍රහාරයේ මහමොළකරු වූ පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සහාය දෙන අදාල ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිස ඉන්දියාවේ තෙල් බාලාගේ අණසක පැතිරුණ ‘තෙල් බාලා බෝඩර්’ නම් වූ ප්‍රදේශයට ගොස් අංගොඩ ලොක්කා හා අතුරුගිරියේ ලඩියා ආරක්ෂිතව රැගෙන ගොස් තිබෙනවා.

සමයං ඝාතන මෙහෙයුමෙන් පසුව අංගොඩ ලොක්කා හා ලඩියාව බෝට්ටු මගින් රටින් පන්නන බවට මධුෂ් දුන් ‍පොරොන්දුවක් මත මෙය සිදුවී ඇති බවත් විමර්ශනවලදී හෙළි වී ඇති අතර ඩුබායිහි සිටින මාකඳුරේ මධුෂ්ද මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණ ගිය බවටද බුද්ධි අංශවලට කලින් තොරතුරු ලැබී ඇති පුවත්පත් වාර්තාවල දැක්වෙනවා.

සමයං ඝාතනය කිරීමෙන් අනතුරුව මෙම පිරිස ඉන්දියාවට පැනගොස් ඉන්පසු කුමන රටකට ගියේද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ. ප්‍රහාරයට පැමිණි අනෙක් පිරිස රටින් පිටව ගොස් නැති බවට පොලිසිය විශ්වාස කරන අතර ලැබී ඇති තොරතුරු අනුව ඔවුන්ව සොයාගැනීම සඳහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි දැනගන්නට ලැබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site