Home News Breaking ලුණුගල ප්‍රදේශය පුරා සූකර උණ රෝගය සීඝ්‍රයෙන් පැතිරෙයි

ලුණුගල ප්‍රදේශය පුරා සූකර උණ රෝගය සීඝ්‍රයෙන් පැතිරෙයි

206 views
SHARE

පස්සර ලුණුගල ප්‍රදේශය පුරා සූකර උණ රෝගය සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් රෝගීන් 40 දෙනෙකු පමණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව ලුණුගල රෝහලේ දිස්ත්‍රීක් වෛද්‍ය නිලධාරී වෛද්‍ය අබේකෝන් සඳහන් කළා.

මේවන විටත් 300කට අධික සංඛ්‍යාවක් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ගෙන තිබෙන බවයි දිස්ත්‍රීක් වෛද්‍ය නිලධාරීවරයා කියා සිටියේ.

මෙලෙස පැතිර ගොස් ඇති වෛරසය ඉන්ෆ්ලුවන්සා A නැමති සූකර උණ රෝගයක් යැයි අනාවරණය කරගෙන තිබෙන අතර මෙකී වෛරසය සමාජයේ ගැවසෙන පුද්ගලයින් ආශ්වාස ප්‍රශ්වාස කිරීම තුළින් ශරීරගත වනවා.

එමෙන්ම උණ රෝගයක් ඇති වූ විගස වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසත්, රෝහල්වලට දරුවන් රැගෙන නොඑන ලෙසත්, මංගල අවමංගල්‍ය උත්සව සදහා සහභාගී වීම අවම කරගන්නා ලෙසත්, මුඛ ආවරණ පැළද ගන්නා ලෙසත් ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටින අතර මෙම වෛරසය අවට ප්‍රදේශවලටද පැතිරීමේ අවධානමක්ද පවතින බැවින් අවට ප්‍රදේශවාසීන්ද ප්‍රවේශම් විය යුතු යැයි සදහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site