Home News Breaking විමල්ව බලන්න මහින්ද යයි

විමල්ව බලන්න මහින්ද යයි

284 views
SHARE

උපවාසයක නිරතව සිටින ජාතික නිදහස්‌ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ සුවදුක්‌ බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඊයේ (24 දා) දහවල් මැගසින් බන්ධනාගාරයට පැමිණ තිබෙනවා.

බන්ධනාගාරය වෙත පැමිණි හිටපු ජනාධිපතිවරයා විමල් වීරවංශ රඳවා සිටින සිර මැදිරිය වෙත ගොස්‌ ඔහුගේ තත්ත්වය විමසා බැලූ බවයි බන්ධනාගාර මූලස්‌ථාන ආරංචි මාර්ග සඳහන් කලේ.

අඛණ්‌ඩ උපවාසයක නිරත විමල් වීරවංශගේ රුධිර පීඩනය ඊයේ (24 දා) වන විට මඳක්‌ පහත වැටී තිබූ අතර බන්ධනාගාර වෛද්‍යවරුන් ඔහු පිළිබඳ නිරන්තර සෝදිසියෙන් සිටින බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.

ඔහු මෙම උපවාසය ආරම්භ කර අදට දින හතරක් ගතව ඇති අතර ඊයේ (24 දා) දිනය පුරාත් ඔහු ජලය පමණක්‌ පානය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site