Home News Breaking එජාපයෙන් තිස්සට නැවතත් ඇරයුම්

එජාපයෙන් තිස්සට නැවතත් ඇරයුම්

458 views
SHARE

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ‍ලේකම් තිස්ස අත්තනායකට නැවත පක්ෂයට එක්ව මහ ‍ලේකම් ධුරය භාරගන්නාලෙස වත්මන් මහ ‍ලේකම් කබිර් හෂීම් ඉල්ලා ඇති බව වාර්තා වනවා.

පසුගිය ජනපතිවරණය අවස්ථාවේදී ව්‍යාජ ‍ලේඛනයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි දීමට කබිර් හෂීම් අධිකරණයට පැමිණි අවස්ථාවේදී මෙම ආරාධනය කර තිබෙන බව සඳහන්.

නැවත වරක් මහ‍ලේකම් ධුරය භාරගෙන එහි කටයුතු කරන ලෙසට කළ ආරාධනයට තිස්ස අත්තනායක සුබවාදී ප්‍රතිචාරයක් දක්වා ඇතැයිද ආරංචි මාර්ග සඳහන් කළා.

කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මේ සඳහා අවසන් එකඟතාවක් මේ වන තෙක් දී නැතැයිද දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site