Home News Breaking ශ්‍රී ලංකාවේ පළමු ස්මාර්ට් බස් නැවතුම්පොළ ජනතා අයිතියට -PHOTOS

ශ්‍රී ලංකාවේ පළමු ස්මාර්ට් බස් නැවතුම්පොළ ජනතා අයිතියට -PHOTOS

482 views
SHARE

ස්මාර්ට් අලෙවි යන්ත්‍රයක් සහිත ශ්‍රී ලංකාවේ පළමු ස්මාර්ට් බස් නැවතුම්පොළ කොළඹ ටවුන්හෝල් ඉදිරියේ ඉදිකර තිබෙනවා.

මෙම බස් නැවතුම්පොළ අධිවේගී අන්තර්ජාල පහසුකම ලබාදෙන වයිෆයි සම්බන්ධතාවයකින්ද සමන්විත වනවා.

මෙහි ස්මාර්ට් අලෙවි යන්ත්‍රය මගින් මුදල් භාවිතයකින් තොරව බීම වර්ග ලබා ගැනීමේ පහසුකම ද හිමි වනවා.

බස් නැවතුම්පොළේ සඳහන්කොට ඇති දුරකථන අංකයට ‘water’ හෝ තමන්ට අවශ්‍ය දෙය කෙටි පණිවිඩයක් මගින් යැවිය යුතු අතර ඊට ප්‍රතිචාර වශයෙන් ලැඛෙන කෙටි පණිවිඩයෙහි ඇතුළත් කේත අංකය අලෙවි යන්ත්‍රයට ඇතුල් කිරීම මඟින් ඒවා ලබා ගත හැකියි.

මෙහි ඇති අඟල් 46 අන්තර්ක්‍රියාකාරීත්ව විද්‍යුත් තිරය මඟින් සේවාදායකයාගේ මුහුණ විශ්ලේෂණය කිරීමෙන් පසුව ඔහුගේ හෝ ඇයගේ ස්ත්‍රී පුරුෂ භාවය සහ වයස පිළිබඳ නිගමනයකට එළඹෙන අතර එය පදනම්ව විවිධ දැන්වීම් ප්‍රදර්ශනය කරනු ලබන බවයි සඳහන් වන්නේ.

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් මෙය ඊයේ (2017.03.24) දින ජනතා අයිතියට පත් කළ අතර මොබිටෙල් නවෝත්පාදන අංශය විසින් මෙම බස් නැවතුම්පල නිර්මානය කර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site