Home News Breaking Big Match දවසේදී වාහන සහ මගීන්ට කරදර කල අයට වැඩ වැරදුන හැටි

Big Match දවසේදී වාහන සහ මගීන්ට කරදර කල අයට වැඩ වැරදුන හැටි

4,289 views
SHARE

ප්‍රධාන මාර්ගවල ගමන් ගන්නා මගීන්ට සහ රථ වාහනවලට අවහිර වන ආකාරයෙන් මාර්ගය භාවිතා කරන ලද වාහන 22ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාසල් අතර පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලිය සදහා සහභාගී වූ වාහන මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

මාර්ගවල ගමන් ගන්නා රථ වාහන වලට සහ මගීන්ට අවහිර වන පරිදි වාහන පෙළපාලි පවත්වන්නට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මුලස්ථානය පසුගියදා මාධ්‍ය මඟින් නිවේදනයක් ද නිකුත් කරනු ලැබුවා.

ඒ පසුගිය දින කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පෙලේ පාසලක සිසුන් කණ්ඩායමක් කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ බාලිකා පාසල් දෙකකට අනවසරයෙන් ඇතුළුවීමේ සිද්ධියෙන් අනතුරුවයි.

අත්අඩංගුවට ගත් රියදුරන්ට එරෙහිව නඩු පැවරීමට ද කටයුතු කළ බව පොලිස් මූලස්ථානය කියා සිටියා.

ඉදිරියේදී යම්කිසි පුද්ගලයෙකු විසින් අනවසර වාහන පෙළපාලි පවත්වමින් මාර්ග භාවිත කරන මගින්ට සහ වාහන රියදුරන්ට අවහිර වන ලෙස කටයුතු කළ කරනු ලැබුවහොත් ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි පොලිස් මූලස්ථානය අවධාරණය කලේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site