Home News Breaking දඹදිව ගිය තිදෙනෙක් මරුට – තවත් පිරිසක් රෝහලේ

දඹදිව ගිය තිදෙනෙක් මරුට – තවත් පිරිසක් රෝහලේ

329 views
SHARE

දඹදිව වන්දනාවේ ගිය ශ‍්‍රී ලාංකිකයින් තිදෙනෙකු හදිසියේ මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

එහි ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු මේ වනවිට දිවයිනට ගෙන්වාගෙන ඇති බවයි.

කෑගල්ල ප‍්‍රදේශයේ පදිංචි දඹදිව සංචාර සංවිධාන කරන්නෙකුගේ මග පෙන්වීම යටතේ මොවුන් ඉන්දියාව බලා ගොස් ඇත්තේ ඉකුත් 13 වැනිදායි.

වන්දනා නඩයේ සිටි 63 හැවිරිදි කාන්තාවක් ඉකුත් 20 වැනිදා මියගොස් ඇති අතර ඇයගේ මළ සිරුර 23 වැනිදා දිවයිනට ගෙන්වා ගැනුණා.

මියගිය කාන්තාව කුරුණෑගල ප‍්‍රදේශයේ පදිංචිකාරිණියක්.

නඩයේ සිටි 62 හැවිරිදි කුරුණෑගල ප‍්‍රදේශයේ පදිංචිව සිටි තවත් කාන්තාවක් සහ 65 හැවිරිදි වලස්මුල්ල ප‍්‍රදේශයේ පුද්ගලයෙකු ද මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන්ගේ මල සිරුරු ඊයේ (25) දිවයිනට ගෙන්වා ගෙන තිබෙනවා.

එම වන්දනා නඩයේම තවත් කිහිප දෙනෙකු ඉන්දියාවේ රෝහල් කිහිපයක ප‍්‍රතිකාර ලබන බවත් වාර්තා වනවා.

අධික සීතල හේතුවෙන් මෙම මරණ සිදු වන්නට ඇති බවට සැක කරන බව විදේශ කටයුතු අමාත්‍යංශයේ ප‍්‍රකාශකයා සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site