Home News Breaking බලධාරීන්ගේ ක්‍රියා නිසා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නඩු දැමූ එංගලන්ත සමාගම

බලධාරීන්ගේ ක්‍රියා නිසා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නඩු දැමූ එංගලන්ත සමාගම

433 views
SHARE

කුලී පදනම මත A 330 – 200 වර්ගයේ ගුවන් යානා, ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ලබා දුන් එංගලන්ත සමාගම විසින් ලන්ඩන් නුවර මහාධිකරණයේ, ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එරෙහිව නඩු පවරා තිබෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම එංගලන්තයේ S.A.S.O.F 2 ඒවියේෂන් අයර්ලන්ඩ් ලිමිටඩ් සමාගම සමග ඇති කරගත් ගිවිසුමට නෛතික බැඳීමක් නොමැති බව පවසා ගුවන් යානා ලබා ගැනීමේ කොන්ත්‍රාත්තුව අවලංගු කිරීමට උත්සාහ දැරීම මීට හේතු වූ බව සදහන්.

S.A.S.O.F 2 ඒවියේෂන් අයර්ලන්ඩ් ලිමිටඩ් සමාගම, ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමග එකඟ වූ කොන්ත්‍රාත්තුවට බැඳී සිටින බවත්, අදාළ කුලී සහ අදාළ මුදල් ශ්‍රී ලංකන් ගුවන් සමාගම, එංගලන්ත සමාගමට ලබා දිය යුතු බවටත් ඔවුන් පෙන්වා දෙනවා.

එම ගුවන් යානා ගෙන්වීමට අදාළ ගිවිසුම 2017 වසරේ ජනවාරි සහ පෙබරවාරි යන මාස දෙක තුළ කල් පිරී ඇති අතර, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, සුරේන් රත්වත්ත මෙම කොන්ත්‍රාත්තුවේ කාල සීමාව දිගු කොට තිබෙන බවත් පකිස්ථාන ජාත්‍යන්තර ගුවන් සේවය සමග ශ්‍රී ලංකාව ඇති කරගත් ගිවිසුම සාර්ථක වුවහොත් පමණක්, මෙම කොන්ත්‍රත්ත්‍රව දීර්ඝ කරන මෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කොට තිබූ පසුබිමක ප්‍රධාන විධායක නිලධාරීවරයා මෙසේ සිදු කළ බව වාර්තා වනවා.

පාකිස්ථාන ජාත්‍යන්තර ගුවන් සමාඟම සමග ඇති කොටගත් ගිවිසුම ආසාර්ථක වූ පසු S.A.S.O.F 2 ඒවියේෂන් අයර්ලන්ඩ් ලිමිටඩ් සමාගම වෙත ශ්‍රී ලංකන් ගුවන් සමාගම දන්වා ඇත්තේ මෙම කාලය දිගු කිරීම් නොසලකා අදාළ ගුවන් යානා නැවතත්, අදාළ සමාගම වෙත ලබා දෙන බවයි.

කෙසේ වෙත්තත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිකුත් කළ ලිපිය ප්‍රතික්ෂේප කරන බවත්, එහි සඳහන් කරණු ක්‍රියාත්මක කළහොත් එය කොන්ත්‍රාත්තුව කඩ කිරීමක් බවත්, S.A.S.O.F 2 ඒවියේෂන් අයර්ලන්ඩ් ලිමිටඩ් සමගම පවසනවා.

උපුටාගැනීම සන්ඩේ ටයිම්ස්

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site