Home News Breaking ජනපති අද හදිසියේම මහ ඇමැතිවරු කැඳවන හේතුව

ජනපති අද හදිසියේම මහ ඇමැතිවරු කැඳවන හේතුව

710 views
SHARE

එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි පළාත් සභා 07 මහ ඇමැතිවරුන් 07දෙනා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් හදිසියේම අද(27) කොළඹට කැඳවනු ලැබ ඇති බව වාර්තා වෙයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති නිල නිවසේදී අද රාත්‍රී 7.00ට පැවැත්වෙන විශේෂ සාකච්ඡාවක් සඳහා මෙම මහ ඇමැතිවරුන් කැඳවා ඇතැයි ආරංචි මාර්ග පවසයි.

බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය, දකුණු පළාත් මහ ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා, මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක, සබරගමුව මහ ඇමති මහීපාල හේරත්, වයඹ මහ ඇමැති ධර්මසිරි දසනායක, උතුරු මැද මහ ඇමැති පේෂල ජයරත්න සහ ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක යන අය මෙම සාකච්ඡාවට කැඳවා ඇත.

පළාත් සභාවල කටයුතු ඉදිරි මැතිවරණ හා සංවර්ධන ක්‍රියාවලිය ආදිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම සාකච්ඡාව කැදවා ඇතැයි වාර්තාවේ.