Home News Breaking පැය 15ක වතුර කපන ප්‍රදේශ මෙන්න

පැය 15ක වතුර කපන ප්‍රදේශ මෙන්න

442 views
SHARE

අනිද්දා (03/29) දින පෙරවරු නවයේ සිට මධ්‍යම රාත‍්‍රී 12 දක්වා පැය 15ක කාලයක් කොළඹ ප‍්‍රදේශයේ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහ නගර සභා බල ප‍්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ඇති.

මහරගම, බොරලැස්ගමුව හා කොලොන්නාව යන නගර සභා බල ප‍්‍රදේශ ද ජල සැපයුම අත්හිටුවන ප‍්‍රදේශ අතරට අයත් වනවා.

කොටිකාවත්ත මුල්ලේරියාව ප‍්‍රදේශීය සභා බල ප‍්‍රදේශයට මෙන්ම රත්මලාන ප‍්‍රදේශයට ද ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුතක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site