Home News Breaking සා /පෙ විශිෂ්ටයින් මෙන්න – ප්‍රතිඵලත් මෙතනින්ම

සා /පෙ විශිෂ්ටයින් මෙන්න – ප්‍රතිඵලත් මෙතනින්ම

929 views
SHARE

2016 අ.පො.ස (සා/පෙ) විභාගයේ විශිෂ්ට ප්‍රතිඵල ලබාගනිමින් දිවයිනේ ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ කොළඹ විශාඛා මහා විද්‍යාලයේ අනුකි චමත්කා පැස්කුවල් ශිෂ්‍යාවයි.

දෙවන ස්ථානය මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ එස්.එම් මුණසිංහ සිසුවිය දිනාගෙන ඇති අතර මෙවර විශිෂ්ටයන්ගෙන් තෙවන ස්ථාන දෙකක් ලැබී තිබෙනවා.

ඒ අනුව කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ ආර්.එම් සුගත් රවිඳු සන්වර සිසුවා හා මාතර රාහුල විද්‍යාලයේ දිමුත් ඕෂධී මිරිස්සගේ සිසුවා තෙවන ස්ථාන ලබාගෙන තිබෙනවා.

ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේ එච්.බී පබසරා මලිති කුමාරි හේරත් සිව් වෙනි ස්ථානයට පත්ව ඇති අතර මෙවර සා/පෙ ප්‍රතිඵල මගින් පස්වන ස්ථාන 3ක් හඳුනාගෙන ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඒ අනුව කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ඩී.එම් රනුමි දිසරණි නානයක්කාර, ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ඒ.දම්සරා මේධාවි, යාපනය හින්දු විද්‍යාලයේ ඒ.අභිනන්දන් යන සිසු සිසුවියන් පස්වන ස්ථාන හිමි කර ගැනීමට සමත් වුණා.

මෙවර අ.පො.ස (සා/පෙ) විභාගයේ ප්‍රතිඵල විශිෂ්ටයන් අතර හය වැනි ස්ථාන දෙකක්ද ලබා ගෙන තිබෙනවා.
ඒ අනුව ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයේ කේ.ජී.ජී.ඊ රන්දිනිද සිල්වා, මාතර සුජාතා විද්‍යාලයේ ඊ.ඒ යසාරා උමාලි යන සිසුවියන් හය වැනි ස්ථාන දිනා ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිඵල මෙතනින් බලන්න.

http://www.doenets.lk/exam/

ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා දැන් අයදුම් කල හැකි බවත් අවසන් දිනය අප්‍රේල් 30 බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site