Home News Breaking තිදෙනෙකු මියගිය දඹදිව වන්දනා ගමන සංවිධාන කළ නියෝජිත ආයතනයේ බලපත්‍රය අත්හිටුවයි

තිදෙනෙකු මියගිය දඹදිව වන්දනා ගමන සංවිධාන කළ නියෝජිත ආයතනයේ බලපත්‍රය අත්හිටුවයි

235 views
SHARE

දඹදිව වන්දනාවේදී පුද්ගලයින් 3 දෙනෙකු හදිසියේ මිය යාමේ සිද්ධියට අදාළව එම වන්දනා ගමන සංවිධාන කළ නියෝජිත ආයතනයේ බලපත්‍රය තාවකාලිකව අත්හිටුවන බව බුද්ධ ශාසන අමාත්‍යංශය සඳහන් කළා.

බුද්ධ ශාසන අමාත්‍යංශයේ අතිරේක ලේකම් නන්දනී කන්නන්ගර සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක් සිදු කිරීමට පියවර ගෙන ඇති බවයි.

මිය ගිය පුද්ගලයින්ගේ ඥාතීන්ගෙන් සහ නියෝජිත ආයතන ප්‍රධානීන්ගෙන් ඉදිරියේදී ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව ද ඇය සඳහන් කළා.

මීට අමතරව ඒ සම්බන්ධයෙන් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයෙන් වාර්තාවක් ලැබීමට නියමිත බවයි අතිරේක ලේකම්වරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site