Home News Breaking කම්කරු නිලධාරිවරයෙකු අල්ලස් ගනිද්දී වැඩ වැරදුනු හැටි

කම්කරු නිලධාරිවරයෙකු අල්ලස් ගනිද්දී වැඩ වැරදුනු හැටි

205 views
SHARE

අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රීක් කම්කරු කාර්යාලයට අනුයුක්ත කම්කරු නිලධාරිවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේනවා .

රුපියල් 30,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ දී මාතර නගරයේ දී මොහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

තිහගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදුකළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව සඳහන් කළේය.

පුද්ගලික ආයතනයක සේවය කරන සේවකයින් දෙදෙනෙකුට සේවක අර්ථසාධක අරමුදලට දායක මුදල් නොගෙවීමක් සම්බන්ධව නීති මගින් කටයුතු නොකර සිටීමට අදාළ කම්කරු නිලධාරීවරයා පැමිණිලි කරුගෙන් රුපියල් 60,000ක මුදලක් ඉල්ලා ඉන් 30,000ක් ලබාගන්නා අවස්ථාවේ අත්අඩංගුවට ගෙන තිබේ.

‍අත්අඩංගුවට ගත් සැකකරු අද(28) දින මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site