Home News Breaking මුහුණු ‍පොත නිසා විදුහල්පතිවරයෙක් සිසුවෙකුට පහර දෙයි

මුහුණු ‍පොත නිසා විදුහල්පතිවරයෙක් සිසුවෙකුට පහර දෙයි

263 views
SHARE

මුහුණු ‍පොතේ පළ කරන ලද තොරතුරක් සම්බන්ධයෙන් විදුහල්පතිවරක් විසින් කරන ලදැයි කියන පහරදීමක් හේතුවෙන් තුවාල ලැබූ සිසුවකු ප්‍රතිකාර සඳහා ‍පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් අරලගංවිල ප්‍රදේශයේ පාසලක 9 වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු විසින් මුහුණු ‍පොතේ පළ කරන ලදැයි කියන තොරතුරක් සම්බන්ධයෙන් විමසා විදුහල්තිවරයා විසින් මෙම පහරදීම සිදු කර තිබෙන බව අරලගංවිල පදිංචි දරුවාගේ පියා වන සුගතක් ප්‍රියන්ත සඳහන් කළා.

කෙසේ වෙතත් දිඹුලාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා එච්.එම්.වී.එම්. සංජීවනීගෙන් මේ පිළිබඳව විමසා සිටි අවස්ථාවේ ඇය කියා සිටියේ එවැනි පහරදීමක් සම්බන්ධයෙන් තමන් නොදන්නා බවයි.

අදාළ විදුහල්පතිවරයාගෙන් මේ පිළිබඳ විමසන බව ද ඇය සඳහන් කර සිටියා.

‍පොළොන්නරුව මහ රෝහ‍ලේ අංක 20 දරන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන පහරකෑමට ලක් වූ සිසුවා ඊයේ (27) දිනයේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site