Home News Sports ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන තරඟය අද

ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන තරඟය අද

202 views
SHARE

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරඟය අද (28) පැවැත් වීමට නියමිතයි.

රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේ දී දිවා රාත්‍රී තරඟයක් ලෙස තරඟය පැවැත් වෙයි.

තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලියේ බංග්ලාදේශ කණ්ඩායම එකට බින්දුවක් ලෙස ඉදිරියෙන් පසු වෙයි.

අද තරඟය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස් කම් කිහිපයක් සිදුකිරිමට නියමිත බව වාර්තා වෙයි.

ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල අබාධයක් හේතුවෙන් අද තරඟය සඳහා සහභාගී නොවන අතර දිල්රුවන් පෙරේරා ඔහු වෙනුවට කණ්ඩායමට ඇතුළත් කර තිබේ.

මේ අතර ඉදිරි වසරක කාලය සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ ප්‍රකාශ කරයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site