Home Diyawanna Susthara කසාදෙට වඩා ගීතට ලොකු වීසා

කසාදෙට වඩා ගීතට ලොකු වීසා

6,265 views
SHARE

පහුගිය කාලේ දියවන්නාවේ දිනේෂ් ලොකු අයියගේ හුටපටේට සද්දේ දැම්මට දැන් තැන තැන පොඩි කසු කුසුවක් යන්නේ ගීතා අක්කා ගැන. ගීතා අක්කගේ මුණට මුලිච්චි වෙන කට්ටිය හෝයි ගාල ගීතා එක්ක හිනා වුණාට මොකද ඕකිට හොද වැඩේ කියන පිරිසකුත් මේ දියවන්නාවේ ඉන්නවා.
ඕක ඉතිං බහුතරයක් සමාජේ කාන්තාව වෙනුවෙන් තියෙන තත්වයක්. මේ වෙලේ ඉතිං වර්තනමය ගැහැණිය කියන සාධකය එක්ක එකී සමාජ බාවයන් ගැන කතා කරන්න මේක වෙලාවක් නෙමෙයි නිසා හැරෙන්නම්කො ගීතා ගේ කතාවට.

ගිත අක්කගේ ලොකුම කතාව තමයි හෙට අනිද්දා තමන්ගේ මන්ත්‍රී පදවියට සෙත්ත පෝච්චියක් වෙන්න යනවයි කියන සීන් එක. මල හත්වලාමේ ගීතා සේරම කලේ මේ පලහිලවූ මන්ත්‍රී කම ගන්න දැන් මේක නැති වුනොත් ඉතින් ගීතා ට එයාගේ ජීවිතේම ඉවර වුණා වගේ වෙනවා. ඒ නිසා කොහොමවත් ගීතා ඕක නැති කර ගන්නේ නැහැ.

ගීතා අක්කට ස්විස්ටර්ලන්තයේ පුරවැසි බාවය ලැබෙන්න එයාගේ මගුලත් එක්ක. එතකොට දැන් කියන්නේ එහෙම රටවල් දෙකක ද්විත්ව පුරවැසියෙක් වුණාම ලංකාවේ දියවන්නාවට යන්න බැහැයිලු, ඔන්න ඕක දාල තමයි ගීතා අක්කගේ මන්ත්‍රී කම නැති කරන්න කියලා මේ දවස් වල නඩුවක් යන්නේ.

කොහොම වුණත් අපිට දැන ගන්න ලැබුන විදියට නම් මේක අහෝසි කර ගෙන තියෙන්නේ ගීතා පාර්ලිමේන්තුවට ආවට පස්සේ. ඒ නිසා මේ නඩුව මොන අතට පෙරලෙයිද කියන්න බැහැ. කොහොම වුණත් ආශ්ට නම් පෙන්නේ මේ නඩුව තව අවුරුදු දෙකක් තුනක් යයි එතකොට ආණ්ඩු එහෙම මාරු වුණාම මේ නීති විසික්වෙලා යනවා ඒ වගේම පක්ෂත් මාරු වෙන්න පුළුවන්නේ…. අනේ මොනාවුණත් මුණ පුර හිනා වෙලා ඉන්න ගීතා අක්කා දැක්කම මෙච්චර මේකප් ඇයි ගාන්නේ කියල හිතෙනවා. ඇස් දෙක පෙන්නේ නැහැ එච්චරට මේකප් කමක් නැහැ ඉතිං එකනම්, අනේ අම්මේ සිරික්කිය දාගෙන කොරිඩෝවෙන් දවල් දානේ ගන්න යනකොට අශ්ට පුළුවන් වුණා ගීතා අක්කව අල්ල ගන්න. අනේ නංගී කියාගෙන ඉතිං පටන් ගන්නකොටම අක්කේ මොකද විසා කතාව කියලා මම ඇහුවා.

අනේ නංගි ඔයාට කියන්න මම ශ්‍රී ලාංකිකයෙක්ම විතරයි. මගේ කසාදෙ නැති වුණෙත් මම විසා නැති කරගන්නේ නෑ, විස නැති කර ගන්නවා කියන්නේ දික්කසාදේ වගේ දෙයක්, මන් එදා හරියට ඇඩුවා නංගි. මම හිතනවා මට මේ රටේ නීතියෙන් අසාධාරණයක් වෙන එකක් නැහැ කියලා.

හරිම දුකෙන් ගීතා අක්කා මේක කියනකොට මොකද්ද අක්කේ මේ පන්න පන්නා ගහන්නේ කියලත් මම ඇහුවා. අනේ ඔව් නංගි මේකේ ඉන්නවනේ මිනිස්සුන්ගේ ජන්දේ නැතුව නිකන් පාර්ලිමේන්තුවට ආව අය එයාලට හරි අමාරුයි අපි දෙයක් කරලා මිනිස්සුගේ ජන්දෙන් ආව එකට.

බලමුකෝ නේද මොකද වෙන්නේ කියලා. කන්න තිබ්බ හදිස්සිය නිසා ආශ් ගීතා අක්කට බායි කියලා යන්න හැරුණා. අනේ ඉතිං මට මතක් වුණේ අපේ දියවන්නාවේ 225 දෙනා අතරේ තවත් ගොඩක් අය ඉන්නවා වෙන වෙන රට වල මේ වගේ කේස් තියෙන. දැන් ඉතිං ගීතා අක්කගේ මේ හුටපටේ එක්ක තව අයට මේක පත්තු වෙලා ඇති.

මේ කාලේ දියවන්නාවේ තත්වේ ඔන්න ඕක අයෙත් අෂ්ගේ කෝලමකින් හම්බවෙමු,

මම අශ් වරු

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site