Home News Breaking කිංග්ස්වුඩ් විද්‍යාලයේ සිසුන් 100 විභාගය අහිමි වූ හේතුව මෙන්න

කිංග්ස්වුඩ් විද්‍යාලයේ සිසුන් 100 විභාගය අහිමි වූ හේතුව මෙන්න

396 views
SHARE

පාසල් සංවර්ධන සමිති මුදල් එකවර නො‍ගෙවූ බව කියන මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ සිසුන් සිය දෙනකුට පමණ මෙවර වාර විභාගයට පෙනී සිටීමේ අවස්ථාව අහිමි වී තිබෙන බව වාර්තා වාර්තා වනවා.

විභාග ප්‍රශ්න පත්‍ර බෙදන අවස්ථාවේ අදාළ ගාස්තු නොගෙවා සිටි සිසුන්ට පන්ති කාමරවලින් පිටතට යන ලෙස විද්‍යාලයේ බලධාරීන් දැනුම් දී තිබෙන අතර මේ සම්බන්ධව මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්ලිව්. එම්. විජයරත්නට ද සිසුවකුගේ මවුපියන් ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බවයි සඳහන් වන්නේ.

අදාළ පැමිණිල්ලට අනුව සංවර්ධන සමිති මුදල් නොගෙවීම හා විභාගය අතර සම්බන්ධතාවක් නොමැති බව දක්වමින් අදාළ සිසුන්ට විභාගයට පෙනී සිටින්නට ඉඩ ලබාදෙන ලෙස විදුහල්පතිවරයාට දැනුම් දෙමින් පෙරේදා (27) පස්වරු 3.00 ට පමණ ෆැක්ස් මගින් ලිපයක් යොමු කළ බවයි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ.

පාසල් සංවර්ධන සමිති ගාස්තු ලෙස එකවර රුපියල් 6250.00 ක මුදලක් ගෙවන ලෙසත් එම මුදල් නොගෙවන්නේ නම් වාර විභාගයට පෙනී සිටීමට ඉඩ නොදෙන බවත් විදුහල්පතිවරයා සිසුන්ට දැනුම් දී තිබෙන අතර, මේ හේතුවෙන් අසරණ වූ ඇතැම් මවුපියන් කනකර උකස් කර මුදල් ගෙවා තිබෙන බව ද වාර්තා වනවා.

මේ සම්බන්ධව කළ විමසීමක දී කිංග්ස්වුඩ් විද්‍යාලයේ විදුහල්පතිවරයා පැවසුවේ විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිති මුදල් හිතාමතාම නොගෙවූ සිසුන් පිරිසකට විභාගය ලිවීමට අවස්ථාව නොදුන් බවයි.

ග්‍රාම සේවක මගින් අඩු ආදායම් ලාභීන් බව තහවුරු කර ලිපි ඉදිරිපත් කරන්නේ නම් මේ ගාස්තුවලින් සිසුන් නිදහස් කළ හැකි බවත් විභාගයට පෙර මේ මුදල් ගෙවන ලෙස මවුපියන් දැනුවත් කර තිබිය දී හිතාමතා මුදල් ගෙවීම පැහැර හැරීම සමාව දිය හැකි කරුණක් නොවන බවත් විදුහල්පතිවරයා වැඩි දුරටත් කියා සිටියා.

මේ වන විටත් සිසු පිරිසක් අදාළ ගාස්තුවලින් නිදහස් කර පාසලේ අධ්‍යාපනය ලබන බව ද ඔහු අවධාරණය කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site