Home News Breaking ජනතාව අපහසු තාවයට පත් කරමින් වෙලාවට කලින් වතුර කැපුවේ ඇයි

ජනතාව අපහසු තාවයට පත් කරමින් වෙලාවට කලින් වතුර කැපුවේ ඇයි

265 views
SHARE

කොළඹ ඇතුළු ප්‍රදේශ කීපයකට අද උදෑසන 9.00 සිට පැය 15ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබුණා.

එම මණ්ඩලය පැවසුවේ, අඹතලේ ජල පවිත්‍රාගාරයේ විදුලි බල පරිපතයේ අලුත්වැඩියාවක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති බව යි .

මේ අනුව කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ හා කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සහ රත්මලාන ප්‍රදේශයේද ජල සැපයුම අද උදෑසන අත්හිටුවිය.

කෙසේ වෙතත් අප වාර්තා කරුවන් සදහන් කළේ ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය කලින් නිවේදනය කල වෙලාවට ප්‍රථම ජල සැපයුම අත්හිටුවා ඇති බව යි.
එම හේතුව නිසා බොහෝ පිරිසක් දැඩි අපහසු තාවයට පත්වූ බවද වාර්තා වේ. අද උදෑසන 9.00 සිට පැය 15ක් ජල සැපයුම අත්හිටුවන බවට ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය කලින්ම නිවේදනයක් නිකුත් කර තිබුනත් උදෑසන 7.00ට ජල සැපයුම අත්හිටුවීම සිදුවුයේ කෙසේද ?
මේ සදහා ජාතික ජල සම්පාදන සහ ජලාපවහන අමත්‍ය තුමාගේ හා සභාපති තුමාගේ අවදානය යොමු විය යුතුයි.