Home News Breaking පාන් විකුණන මුවාවෙන් “චූන් පාන්කාරයා” 13 හැවිරිදි දැරියක් දුෂණය කරයි

පාන් විකුණන මුවාවෙන් “චූන් පාන්කාරයා” 13 හැවිරිදි දැරියක් දුෂණය කරයි

1,297 views
SHARE

13 හැවිරිදි සිසුවියක් දුෂණය කල “චූන් පාන්” වෙළෙන්දෙකු සහ ගෙස්ට් හවුස් සේවකයෙකු මීගමුව මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම දැරිය නිවසින් අතුරුදන්ව ඇති බවට පොලීසියට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදු කල විමර්ශන වලින් අනතුරුව සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

අතවරයට පත් දැරිවිය මීගමුව හියුගෝ මාවතේ පදිංචිකාරියක් වනවා. එම ප්‍රදේශයේ “චූන් පාන්” අලෙවි කරන ප්‍රධාන සැකකරු ව්‍යාජ හිතවත් කමක් පෙන්වා දෙමාපියන්ට හොරා මෙම දැරිවියව මීගමුව වෙරළ උද්‍යානයේ ජනශුනය ප්‍රදේශයකට රැගෙන ගොස් දුෂණයට ලක් කර තිබෙන බව මුලික විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.

මේ බව දැනගත් උද්‍යානය අසල නවාතැන්පොළේ පදිංචි දෙවන සැකකරු වන හෝටල් සේවකයා ඇයට මහ රෑ ගෙදරට හොරා එන මෙන් දන්වා තිබෙන අතර පසුව ඇයව ඔහුගේ නවාතැන්පොළට රැගෙන ගොස් තිබෙනවා.

එම අවස්ථාවේදී දැරිය නිවසේ නොමැති බව දැන දෙමාපියන් විසින් මීගමුව පොලීසියට දැනුම් දී තිබෙන බව සඳහන්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිමඩ පදිංචිකරුවකු වන මලිත ඉරේෂ් (21) සහා බණ්ඩාරවෙල පදිංචි ඉසංක ප්‍රභාත් (18) යන අයයි.

අතවරයට පත් දැරිය මීගමුව අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනාවරණ වුයේ ඇය දුෂණයට ලක් වී ඇති බවත් අතවරය සිදු කර තිබෙන්නේ “චූන් පාන්” වෙළෙන්දා බවයි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site