Home News Breaking සා /පෙ ගණන් අසමත් වූ නිසා සිසුවෙක් අභිරහස් ලෙස මියයයි – සිසුවියන්...

සා /පෙ ගණන් අසමත් වූ නිසා සිසුවෙක් අභිරහස් ලෙස මියයයි – සිසුවියන් 03කු රෝහල් ගත කරයි

462 views
SHARE

අධ්‍යන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව ගණිතය විෂය අසමත් වූයේ යැයි කලකිරීමට පත්ව සිටි සිසුවෙකු ජා ඇල කණුවන දුම්රිය මාර්ගය ආසන්නයේ අද (29) උදෑසන තුවාල සහිතව වැටී මියගොස් සිටිය දී ජා ඇල පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.

මිය ගොස් සිටියේ උස්ගල පාර, පහළ මහරගහ වැව, අනුරාධපුරය පදිංචි චමෝද් ලලන්ත උදය ගුණවර්ධන (18) නමැති ශිෂ්‍යයෙක් බවයි පොලීසිය සඳහන් කලේ.

මියගොස් සිටි ශිෂ්‍යයාගේ දේහය අසල තිබී මුදල් සහිත පසුම්බියක්, ජාතික හැදුනුම් පතක්, ජංගම දුරකථනයක්, කරලන බෑගයක් පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.

මියගොස් සිටි ශිෂ්‍යයා අසල වැටී තිබූ ජංගම දුරකථනය ඔස්සේ ඔහුගේ මිතුරෙකු පොලිසිය මගින් සම්බන්ධ කරගනු ලැබූ අවස්‍ථාවේදී මිතුරා පවසා ඇත්තේ අවස්ථා දෙකක දී අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ දී ගණිතය විෂය අසමත් වීම හේතුවෙන් ඔහු කලකිරීමට පත්ව සිටි බවයි.

ඊයේ (28) සවස ද ඔහු අනුරාධපුරයේ සිටි බවයි ඔහු පවසා පවසා තිබෙන්නේ.

අනතුර සිදු වූ ස්ථානය ආසන්නයේ පදිංචිකාරිය පවසා සිටියේ තමන් මාළු රැගෙන ඒම සඳහා අළුයම 03.00 ට පමණ යමින් සිටියදී මියගොස් සිටි සිසුවා ජංගම දුරකථනයකින් තවත් අයෙකුට කතා කරමින් සිටින අයුරු දුටු බවයි.

එහිදී දුරකථනයෙන් තවත් පුද්ගලයෙකුට එම ස්ථානයට පැමිණෙන ලෙස කතාකරන අයුරුද ඇයට ඇසී තිබෙන බව පොලීසියට සඳහන් කර තිබෙනවා.

දුම්රිය අනතුරක් සිදුවීමේ දී අනතුර දකින දුම්රිය රියදුරා දුම්රිය නැවැත්වීම සාමාන්‍ය සම්ප්‍රදාය වුවද සිසුවා වැටී සිටි ස්ථානයේ දුම්රියක් නතර කර තිබී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු ජා ඇල පොලිසිය විසින් සිදු කරනු ලබනවා.

මේ අතර තවත් අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය අසමත් වූ ගම්පොළ ප්‍රසිද්ධ පාසල් දෙකක සිසුවියන් ‍තිදෙනෙකු අධික ලෙස ඖෂධ භාවිත කිරීමෙන් ගම්පොළ රෝහලට ඇතුලත් ‍කල සිද්ධියක් වාර්තා වනවා.

ගම්පොළ ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවියන් තිදෙනා ගෙන් දෙදෙනෙකු එක් පාසලක වන අතර මොවුන් තිදෙනා එකිනෙක හඳුනන අය නොවන බවයි අනාවරණ වී තිබෙන්නේ.

මින් එක් සිසුවියක් පැනඩෝල් පෙති 40 ක් පමණ බී ඇති බවත් තවත් සිසුවියක් “ඉන්හේලර්” සඳහා භාවිත කරන ‍ඖෂධ කරල් අධික ලෙස පානය කිරීමෙන් මෙසේ රෝගී වී ඇති බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරනවා.

විභාගය අසමත් වීමෙන් දැඩි පීඩාවට පත් තමන් හට ජීවත් වීම පවා එපා වූ නිසා ඖෂධ භාවිත කළ බව මෙම සිසුවියන් පවසා තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site