Home C Gossip එංගලන්තයම කැළඹෙයි – හැරීගේ පියා චාර්ල්ස් නෙමෙයිලු

එංගලන්තයම කැළඹෙයි – හැරීගේ පියා චාර්ල්ස් නෙමෙයිලු

980 views
SHARE

ලොවම කළඹන පුවතක් එංගලන්තයෙන් වාර්තා වනවා. මේ දිනවල කාගේත් කතා බහට ලක්වී තිබෙන්නේ හොලිවුඩ් සුරූපී නිළි මෙගාන් මාක්ල් සහ බ්‍රිතාන්‍යයේ හැරී කුමරුගේ ආදර සම්බන්ධය ගැනයි.

මේ අතරතුර බ්‍රිතාන්‍ය පුවත්පත් කිහිපයක් හැරී කුමරු වෙත පමණක් දැඩි අවධානය යොමු කර තිබෙනවා.

දශක කිහිපයක් තිස්සේ යටපත් වෙමින් නැවතත් මතුවෙමින් තිබෙන එක්තරා අසම්මත පුවතක් යළි සිහිපත් කරමිනුයි ඔවුන් මේ අවධානය එල්ල කර තිබෙන්නේ.

හැරීගේ සැබෑ පියා පිළිබඳ ප්‍රශ්නාර්ථයක් තමයි ඔවුන් මතු කළේ. කවුරුත් දන්නේ හැරීගේ පියා චාර්ල්ස් කුමරුන් බවයි.

නමුත් චාර්ල්ස් සහ ඩයනා යුග දිවිය ගත කළ මුල් කාලයේදී අඬදබර හටගත් බවත්, එම කාලයේදී ඩයනා සහ හිටපු බ්‍රිතාන්‍ය නිලධාරියකු වන ජේම්ස් හෙවිට් අතර සබඳකමක් පැවතුණු බවත් මේ පුවත්පත්වලින් හෙළි කර තිබෙනවා.

මේ ගැන අදහස් දක්වන ජේම්ස් හෙවිට් පවසන්නේ මෙවැනි ආරංචි ගොතමින් පුවත්පත් උත්සාහ කරන්නේ තම පුවත්පත්වල අලෙවිය වැඩි කර ගැනීමට බවයි.

මෙවැනි අසත්‍ය පුවත් නිසා වඩාත් පීඩාවට පත්වන්නේ අහිංසක හැරී බවයි ඔහු පෙන්වා දෙන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site