Home News Breaking විමල්ට අසාධ්‍ය නෑ – රෝහලෙන් කියයි

විමල්ට අසාධ්‍ය නෑ – රෝහලෙන් කියයි

270 views
SHARE

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත ඊයේ (29) මාරු කර යැවුනා.

වීරවංශගේ අසනීප තත්ත්වය බරපතළ නොවන බවයි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සිරිල් ද සිල්වා සඳහන් කර සිටියේ.

දැනට ඔහු රෝහලේ 45 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වෛද්‍යවරයා ප්‍රකාශ කළේ.

ඔහුට සිදු කළ යුතු රුධිර පරීක්ෂණ ඇතුළු සියලු පරීක්ෂණ රෝහල මඟින් සිදු කරන බව ද ඔහු සඳහන් කළා.

මන්ත්‍රීවරයා ආහාර නොගැනීම හේතුවෙන් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ගැටලුවක් ඇති වී තිබෙන අතර වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ නිසි ප්‍රතිකාර ලබාදීමට පියවර ගෙන ඇති බව නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සිරිල් ද සිල්වා වැඩි දුරටත් කියා සිටියා.

බන්ධනාගාරය තුළ උපවාසයක නිරත වූ විමල් වීරවංශ බන්ධනාගාර රෝහලට පසුගියදා (26) ඇතුළත් කරනු ලැබුවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site