Home News Breaking එජාපයේ දැවැන්ත පෙරළියක් – ෆොන්සේකාටත් උප නායක තනතුරක් ?

එජාපයේ දැවැන්ත පෙරළියක් – ෆොන්සේකාටත් උප නායක තනතුරක් ?

255 views
SHARE

එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තරයේ වසර හතකට අධික කාලයකට පසුව ප්‍රධාන තනතුරුවල වෙනසක් වීමට නියමිත බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් මස 5 දින පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙය ප්‍රකාශයට පත්කෙරෙනු ඇති.

එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ කෙරෙන නව වෙනසකට අනුව දැනට තිබෙන නියෝජ්‍ය නායක තනතුරු එකේ සිට තුන දක්වා වැඩි කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

එක්සත් ජාතික පක්ෂ උප නායක ධුරයේ වෙනසක් සිදුවීමට නියමිත අතර ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ හිටපු නායක අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට එක්සත් ජාතික පක්ෂ උප නායක ධුරයක් ලැබිමට නියමිත බව එහි ප්‍රකාශකයෙක් සඳහන් කළා.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නව පත්වීම් කිහිපයක්ද ලබන බදාදා පැවැත්වෙන රැස්වීමේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි සඳහන්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site