Home News Breaking කිංස්වුඩ් විදුහල්පතිට වැඩ වරදියි

කිංස්වුඩ් විදුහල්පතිට වැඩ වරදියි

262 views
SHARE

මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ සිසුන් පිරිසක් පාසල් සංවර්ධන සමිතිය වෙත ගෙවිය යුතු මුදලක් නොගෙවීම පදනම් කර ගනිමින් එම විද්‍යාලයේ විදුහල්පතිවරයා අදාළ සිසුන්ට වාර විභාගයට පෙනී සිටීමේ අවස්ථාව අහිමි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අමාත්‍යාංශ ‍ලේකම්වරයාට නියම කර තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යාංශයට වාර්තා වූ කරුණු සහ මාධ්‍ය වාර්තාද සැලකිල්ලට ගෙන මෙම විමර්ශන සිදුකරන ලෙසත් අදාළ විදුහල්පතිවරයාගෙන් ඒ පිළිබඳව නිදහසට කරුණු විමසන ලෙසද අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

මහනුවර කිංස්වුඩ් විදුහ‍ලේ සිසුන් සිය දෙනකු පාසල් සංවර්ධන සමිතියට ගෙවිය යුතු රුපියල් 6060ක මුදල නොගෙවීම මත මෙවර වාර විභාගය එම පාස‍ලේ විදුහල්පතිවරයා විසින් තහනම් කර ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site