Home News International කාම්භෝජයේ මවුවරුන්ට “මවුකිරි” විකිණීම තහනම් කරයි

කාම්භෝජයේ මවුවරුන්ට “මවුකිරි” විකිණීම තහනම් කරයි

233 views
SHARE

කාම්භෝජය වහාම කි‍්‍රයාත්මක වන පරිදි මවුකිරි අලෙවි කිරීම තහනම් කර තිබෙනවා.

කාම්භෝජයේ දරිද්‍රතාවයෙන් පෙළෙන ඇතැම් මවුවරු එරට පිහිටා තිබෙන ඇම්බ්‍රෝසියා ලැබ් නැමැති ඇමරිකානු සමාගම වෙත මවුකිරි අලෙවි කිරීම සිදු කරනු ලබනවා.

පසුගිය වසර දෙක තුළදී පමණක් කාම්භෝජ මව්වරුන් 90 දෙනෙකු පමණ ඇම්බ්‍රෝසියා ලැබ් සමාගමට මවුකිරි අලෙවි කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මෙම හේතුව නිසා කාම්භෝජයේ අලුත උපන් දරුවන් පළමු මාස හය තුළ මවුකිරි ලබා දීමේ ප‍්‍රතිශතය බෙහෙවින් අඩු වී ඇති බවයි යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙන්නේ.

ඇම්බ්‍රෝසියා ලැබ් සමාගම කාම්භෝජයේ මව්වරුන්ගෙන් ලබා ගන්නා කිරි ඇමරිකාවේ අලුත උපන් දරුවන් සිටින දෙමව්පියන්ට හා කායවර්ධන ශිල්පීන් වෙත අලෙවි කරනු ලබනවා.

මවුකිරි අලෙවි කිරීම මගින් එක් කාන්තාවක් දිනට ඩොලර් 12ක් පමණ උපයා ගන්නා අතර ඇම්බ්‍රෝසියා ලැබ් සමාගම මවුකිරි මිලිලීටර් 150ක් ඇමරිකන් ඩොලර් 19කට පමණ අලෙවි කරනු ලබන බවයි වාර්තා වන්නේ.

මවුකිරි අලෙවි කිරීම තහනම් කිරීමේ නියෝගයට අත්සන් කරමින් කාම්භෝජයේ නගෝ හෝග්ලි පළාතේ ලේකම් “අපි තවමත් දුප්පත්. නමුත් මව්කිරි විකිණීමට තරම් අපි දුප්පත් නැහැ.” යනුවෙන් ප‍්‍රකාශ කර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site