Home News Politics වඩුවකු, කම්කරුවකු මෙන් නොව විමල් වීරවංශ

වඩුවකු, කම්කරුවකු මෙන් නොව විමල් වීරවංශ

286 views
SHARE

විමල් වීරවංශ මන්ත්‍රීවරයා බන්ධනාගාරයේ දියත්කර තිබෙන උපවාසය ගැන ජනාධිපති සහ අගමැති හමුවී සාකච්ඡා කළ බව ඒකාබද්ධ විපක්ෂයේ නායක , පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ඊයේ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි .

එම සාකච්ඡාවේදී ජනාධිපති සහ අගමැති පළ කළ ප්‍රතිචාරය ගැන අදහස් දැක්වීමෙන් ඔහු වැලකි සිටියා.

විමල් විරවංශ මන්ත්‍රීවරයා ආරම්භ කර ඇති උපවාසයේ සත්‍ය තත්වය ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට පැහැදිලි කළ බවත් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පැවසුවා.
ඇප ලබාගැනීම පිණිස විමල් විරවංශ මන්ත්‍රීවරයා මෙම උපවාසය ආරම්භ නොකළ බවයි දිනේෂ් ගුණවර්ධන මෙහිදි කියා සිටියේ.
ඔහු උපවාසය ආරම්භ කළේ ඇප ප්‍රතික්ෂේපවීමෙන් පසුව බව මධ්‍යෙව්දීන් එහිදී ප්‍රශ්න කර සිටියා.
සෘජු ප්‍රතිචාරයක් නොදක්වමින් දිනේෂ් ගුණවර්ධන පැවසුවේ “ අතීතයේදී ද දේශපාලන ස්ථාවරයන් වෙනුවෙන් විමල් විරවංශ මන්ත්‍රීවරයා මෙවන් උපවාස සිදුකළ“ බවයි.

තවමත් නඩු පැවරීමකින් තොරව බන්ධනාගාරයේ රඳවා සිටින අනිකුත් සාමාන්‍ය සිරකරුවනුත් මෙලෙස උපවාස ආරම්භ කළහොත් මතුවිය හැකි තත්වය ගැන මාධ්‍යවේදින් ප්‍රශ්න කර සිටියා. එවිට දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පිළිතුර වුයේ “ ඔවුන්ට ද බන්ධනාගාර රෝහලේදී ප්‍රතිකාර ලබාදීමට සිදුවන බවය“.
වඩුවකු, කම්කරුවකු මෙන් නොව විමල් වීරවංශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ ප්‍රකාශයෙන් ගම්‍යවන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශේෂිත සැලකිල්ලක් තිබිම යන්න ප්‍රශ්න කෙරුණා. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා කෙලින් පිළිතුරක් නොදෙමින් “පාර්ලිමේන්තුව අධිකරණයට වඩා උත්තරීතර බව මීට ඉහතදී කතානායකවරුන් දුන් තීන්දුව නැවත මතක් කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site