Home News Sports තොරතුරු දැනගෙන සැඟවූ වරදට මොහොමඩ් ඉර්ෆාන්ට දඬුවම්

තොරතුරු දැනගෙන සැඟවූ වරදට මොහොමඩ් ඉර්ෆාන්ට දඬුවම්

219 views
SHARE

පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පකිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ඉර්ෆාන්ට වසරක තරග තහනමක් පනවා තිබෙනවා.

ඒ, එරට දේශීය ක්‍රිකට් තරගාවලියක් තුළදී සිදු වූ ඔට්ටු තැබීමේ සිදුවීම්වලට අදාළ තොරතුරු අනාවරණය නොකිරීම හේතුවෙන්.

ඒ අනුව ඔහුට වසරක තරග තහනමක් සහ පකිස්ථාන රුපියල් මිලියනයක දඩ මුදලක් නියම කර තිබෙන බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ 34 හැවිරිදි මොහොමඩ් ඉර්ෆාන් පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ විරෝධි ඒකකය විසින් එල්ල කරනු ලැබූ චෝදනා ඔහු විසින් පිළිගනු ඇති බවයි.

පකිස්ථාන ආරම්භක පිතිකරු ෂසේබ් හසන් සහ වමතින් මද වේග පන්දු යවන සුල්ෆිකර් බාබර් යන ක්‍රීඩකයින්ගෙන් ද මෙම සිදුවීමට අදාළව පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රශ්න කර තිබෙන බව සඳහන්.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ එම ක්‍රීඩකයින් දෙදෙනාට 2017 පකිස්ථාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට අවසර දී ඇති බවයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site